අගමැතිගෙන් ප්‍රශ්ණ විමසීමට නීතිපති එයි.


බැඳුම්කර කොමිසම හමුවේ හෙට දින (සඳුදා) පෙනී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසීම සඳහා නීතිපතිවරයා කොමිසම විසින් කැඳවා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍යවරයාට හිමි නිල තත්ත්වයේ හැටියට කොමිසම හමුවේ පෙනී සිටින අවස්ථාවේ ඔහුගෙන් කරුණු විමසීමට කනිෂ්ඨ නිලධාරීන් නොයෙදවියයුතු යැයි කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ඇතැයි බැඳුම්කර කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කොමිෂන් සභාව හමුවට පැමිණීමට පෙර අග්‍රාමාත්‍යවරයා දිවුරුම් ප්‍රකාශයක් මගින්ද කොමිසමට බැඳුම්කර සිද්ධියට අදාළව කරුණු දැක්වීමක් කර තිබිණි.

(දේශය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment