සජින් වාස්ගේ ෆයිල් එක අතුරුදන්.


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසුව එය අතුරුදන් වී ඇතැයි නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

එම විමර්ශන වාර්තාවේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සියලු චෝදනා සහ තොරතුරු අන්තර්ගත වී තිබූ බවත් එම චෝදනාවලට නීතිපති උපදෙස් පැතීම සඳහා යොමුකළ වාර්තාව එලෙස අතුරුදන් වීම වගකීම් රහිත නිලධාරීන්ගේ ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසුව එ.ජා.ප.යේ සාමාජිකයන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය යුතු බවය. එහෙත් ඊට අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මිය ඊට ඒකඟවී නැති අතර එසේ කිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුවට හානි සිදුවන බව ඇමැතිවරිය දන්වා ඇත. කෙසේ වෙතත් අනෙකුත් පක්ෂ සාමාජිකයන් පවසා ඇත්තේ එසේ නොකළහොත් පක්ෂයටත් ආණ්ඩුවටත් ඊට වඩා හානියක් සිදුවන බවකි.

-ගයාන් ගාල්ලගේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment