ආණමඩුවේ රංග ශාලාව කැළයට ගිල ගනීද?

ආණමඩුවේ රංග ශාලාව කැළයට ගිල ගනීද?

 

අදාළ රංග ශාලාවේ වැඩ අඩක් නිමවා අතර මග නවතා දැමීම නිසාවෙන් මේ වන විට එකී රංග ශාලාව ඝණ කැලෑවකින් වැසී ඇත.

මෙම ශාලාව තුළ විවිධ නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් සිදුවන බවට තැනින් තැන දමන ලද මත්පැන් බෝතල් සාක්ෂි දරයි. රාත්‍රි කාලයේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බහුතරයක් මෙහි තාවකාලිකව රැදී සිටී. එපමණක් නොව ගංජා පානයට ඇබ්බැහිවී සිටින බහුතරයක් තරුණ ප්‍රජාව රාත්‍රි කාලයේ මෙහි වාසය කිරීම පුරුද්දක් කරගෙන සිටින පැවසේ.

මෙම ගොඩනැගිල්ල තුල ආසන 2500ට ආසන්න ප්‍රේක්ෂකාගාරයක්, සහිත වූ රංග ශාලාවක් අත්පන්දු ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට යෝජිතව තිබුණි. ආණමඩුව ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණය යටතේ ඉදි කිරීම් සිදු වූ මෙම ගොඩනැගිලි සංකීර්ණය පළාත් සභා කාලය හමාර වී නැවත පළාත් සභිකයන් පත් නොවීම මත මෙහි සිදු විය යුතු සංවර්ධන කටයුතු අඩාල වී ඇත.

රාජ්‍ය පරිපාලනය හෝ දේශපාලන අධිකාරියේ වගකිව යුත්තෙකු සිටීනම් මේ පිළිබද සොයා බලා සිදුව ඇති විනාශයට පිළියමක් වශයෙන් මෙය නැවත ඉදිකිරීම් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කල යුතුය. එසේ නොමැතිනම් පැලැස්තර මත විකල්ප යොදවා කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව කිව යුතුය.

කේ. ප්‍රියංකර

gila1

gila4

gila2

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment