දෙමළ සන්ධානයට එරෙහිව නව දේශපාලන පෙරමුණක් !

දෙමළ සන්ධානයට එරෙහිව නව දේශපාලන පෙරමුණක් !
උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ හතරකින් සමන්විත දෙමළ සන්ධානයේ ප්‍රධාන පාර්ශවයක්  ලෙස ඊ.පී.ආර්.එල්.එෆ්  සංවිධානය කටයුතු කරයි. 2001 වසරේ පටන් දෙමළ සන්ධානය ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 'නිවස' ඡන්ද ලකුණ යටතේ මැතිවරණවලට ඉදිරිපත් වූ අතර ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ තවදුරටත් එම ඡන්ද ලකුණ යටතේ මැතිවරණවලට ඉදිරිපත් වීම තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බවයි. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නායකත්වය දැනුවත් කර ඇති බව ද ඔහු පවසයි. 
 
දෙමළ ජාතික සන්ධානයට පසුගිය මැතිවරණයේදී ජනතාව ජනවරමක් ලබා දී ඇත්තේ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාගැනීමට හා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට බව පෙන්වා දෙන ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ එම ජනවරමට පිටුපාමින් දෙමළ ජාතික සන්ධාන නායකත්වය ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරමින් සිටින බවයි.
 
ඉදිරි මැතිවරණයේදී නව දේශපාලන පෙරමුණකින් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් එසේ නැතහොත් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයෙන් මැතිවරණයට තරග කරන බවත් ඔහු පෙන්වා දෙයි.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment