නේපාලය, මාවෝවාදී යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට මහමැතිවරණයට

නේපාලය, මාවෝවාදී යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට මහමැතිවරණයට

මිලියන 15කට අධික ඡන්ද දායකයෝ පිරිසක් මෙම මහමැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති.

නේපාල කොංග්‍රස් පක්ෂය, ප්‍රජාන්ත්‍රවාදී මගට පිළිපන් මාවෝවාදීන් සමග මෙන්ම විරුද්ධ පක්ෂය වන කොමියුනිස්ට් UML පක්ෂය සමග ද සන්ධානයක් වශයෙන් මැතිවරණයට තරග කරයි.

නව නේපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවැත්වෙන ප්‍රථම මැතිවරණය වන්නේ ද මෙයයි.

මෙම මහ මැතිවරණයේ පළමු අදියර අද දිනයේ පැවැත්වෙන අතර, දෙවැනි අදියර පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ දෙසැම්බර් 7 වැනිදා ය.

රටේ දේශපාලන පද්ධතියේ සුබදායී වෙනස්කම් සිදුකිරීමට මෙන්ම, 2015 භූමිකම්පාවෙන් විනාශ වූ රට ගොඩ ගැනීම සඳහා ද මෙම මහමැතිවරණය යහපත් බලපෑමක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment