කුකුළා අත යටතට

කුකුළා අත යටතට
ශ්‍රීලනිපය නියෝජනය කරමින් පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සාකච්ඡා සඳහා එක්ව සිටින අතර සාකච්ඡා පැවත්වෙන්නේ ඔහුට අයත් නිවසක බව ද වැඩිදුරටත් වාර්තා වේ.
 
ඒ අනුව දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ගිවිසුමට අනුව කම්කරු කොන්ග්‍රසයට වැඩි ඡන්ද පදනමක් සහිත පළාත් පාලන ආයතන සඳහා කම්කරු කොන්ග්‍රසයේ කුකුළා ලාංඡනය යටතේ තරග කළයුතු බවට කොන්දේසියක් තොන්ඩමන් පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබේ. ඒ සඳහා ශ්‍රීලනිප පාර්ශ්වයේ කැමැත්ත පළවීමට නියමිත අතර සෙසු පළාත් පාලන ආයතන සඳහා ශ්‍රීලනිපය ලාංඡනය යටතේ හෝ ශ්‍රීලනිපය ඇතුළු සන්ධානයකට ලාංඡනය යටතේ හෝ තරග කිරීමට කම්කරු කොන්ග්‍රසය මේ වනවිටත් කැමැත්ත පළකර තිබේ.
 
තොන්ඩමන් හා ෆයිසර් මුස්තාපා දීර්ඝකාලීන මිතුරන් වන අතර මෙම සාකච්ඡා බොහෝදුරට සාර්ථක වන බවයි වාර්තා වන්නේ.
 
පළාත් පාලන මැතිවරණයට පෙර ලංකා කම්කරු කොන්ග්‍රසය මෙන්ම ඩග්ලස් දේවානන්දා මහතාගේ ඊපීඩීපී සංවිධානය ද ආණ්ඩුවට එක්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා පළවූ අතර තොන්ඩමන් හා ඩග්ලස් දේවානන්දා රාජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව ද එම මාධ්‍ය වාර්තා මගින් හෙලිදරව් කෙරිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment