ගිංතොට ගැටුම ගැන පොලිස්පති වියරුවෙයි

ගිංතොට ගැටුම ගැන පොලිස්පති වියරුවෙයි
ඊයේ (18) රාත්‍රී අදාල ප්‍රදේශයට ගොස් ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රාදේශීය පොලිස් නිළධාරීන් සියලු දෙනා ගිංතොට SSP කාර්යාලයට කැඳවා තිබේ. ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, පොලිස් අධිකාරී ගිනිගේ ඇතුළු සියලු නිළධාරීන් පැමිණ ඇති අතර ඔවුන්ට අද පෙරවරු 2.45 දක්වා අතිශය බරපතල දේශනයකට සවන් දීමට සිදුව තිබේ.
 
මෙම දේශනය කෙතරම් බරපතලදැයි කිවහොත් පැමිණ සිටි පොලිස් නිළධාරීන් ජීවිතයේ කිසිදු දින කනට නොඇසූ අසභ්‍ය වචනවලින් මෙම දේශනය සමන්විතව තිබේ.
 
ජයසුන්දර මහතා පොලිස්පතිධූරයට පත්වීමෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුවට භාවනාව අනිවාර්ය කළ අතර අපරාධ වැලැක්වීම වෙනුවෙන් මානසික ඒකාග්‍රතාවය පිහිටුවා ගැනීම සඳහා භාවනාව මහෝපකාරී වන බව පොලිස්පතිවරයාගේ තර්කය විය. එසේම ජයසුන්දර මහතා හදවතින්ම සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනී සිටින අතර ඒ සඳහා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා හරහා ද ප්‍රසිද්ධියක් ලබාගැනීමට කටයුතු කරමින් සිටී.
 
කෙසේ වෙතත් ඊයේ සිදුවීම හරහා පොලිස්පතිවරයා පොරවාගෙන සිටි සිංහල බෞද්ධ සිංහ හම ගැලවී ඇති අතර ඉතිහාසයේ කිසිදු කලෙක මෙවැනි විහිළුකාර පොලිස්පතිවරයෙකු යටතේ සේවය කිරීමට සිදු නොවූ බව ජ්‍යෙෂ්ට පොලිස් නිළධාරීන් ප්‍රකාශ කරයි.
 
මෙම සිදුවීම සැලවීමෙන් පසුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට බැනවැදී ඇති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙවැනි පොලිස්පතිවරුන් පොල් පිත්තකින් වුවද කපාගත හැකි බවයි. 'තමුසෙත් එකයි, තමුසෙගෙ විෂයබාර ඇමතිත් එකයි' යනුවෙන් පොලිස්පතිවරයාගේ මූණටම කියා ඇති ජනාධිපතිවරයා, දිගින් දිගටම පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවන අඥාන සහ හාස්‍ය ජනක සිදුවීම් හේතුවෙන් තමන් හා යහපාලන රජය දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ද ප්‍රකාශ කර තිබේ.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment