මෙම අනතුර අද (20) පෙරවරුවේ සිදුව ඇත.
පෙර දින පැවැති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කොන්ක්රීට් බැම්මට ඉහළින්වූ පස් කන්ද බුරුල් වී එක් වරම පහළට කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනා ඊට යටවූ බවත් එක් අයෙකු ඒ මොහොතේම බේර ගත්තත් පස් යට සිරවී සිට අනෙක් පුද්ගලයා පිටතට ගැනීමට විනාඩි 15 ක් පමණ ගතවූ බවත් ප්රදේශවාසීහු පවසති.
පස් යට සිරවී සිටි එම පුද්ගලයා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙන බව පොලීසිය පවසයි.
පස් කන්දට යටව රෝහල් ගත කළ පුද්ගලයින් දෙදෙනා කොස්හින්න ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
නුවර නදීක දයා බණ්ඩාර
0 comments :
Post a Comment