උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා ගැන තීන්දුවක් ගැනීමට නීතිපති උපදෙස් පතයි !

උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා ගැන තීන්දුවක් ගැනීමට නීතිපති උපදෙස් පතයි !
සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය  මඟින් ප්‍රචාරය කළ පුවත්, වීඩියෝ දර්ශන සහ අමාත්‍යවරයා විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේ තොරතුරු ආදිය නීතිපතිවරයා වෙත ලබා දෙන බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.  නීතිපතිවරයාගෙන් ලැබෙන තීන්දුව සෙසු දේශපාලකයන්ටද පූර්වාදර්ශයක් වනු ඇතැයි හෙතෙම කියා සිටියේය.
 
කන්දයියා  සර්වේශ්වරන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස බොහෝ පාර්ශවයන් තමන්ගෙන් ඉල්ලා ඇති බව පැවසූ රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේ තමන් එක එල්ලේම තීරණයක් ගැනීම යෝගය නොවන බවයි. නීතිමය වටපිටාවක් තුළ එය තීරණය විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
 
පසුගිය 15 වැනි දින වව්නියාව ඉරට්ටපෙරිය කුලම් පැරකුම් මහා විද්‍යාලයේ පැවති උත්සවකයකදී ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන ඇමතිවරයාට අවස්ථා කිහිපයකදී අරාධනා කළද ඔහු එය ප්‍රතිෂේප කළ හෙයින්  අවසානයේදී සෙසු ආරාධිතයින් හා  විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින්  ජාතික කොඩිය ඔසවා තිබේ. 
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment