ඊයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෝෂියා කියා තිබෙන්නේ චිත්‍රපටයක නළුවරණයේදී (නළු නිළියන් තෝරාගැනීමේ පරීක්ෂණයේදී) ‘තිරයෙන් පිටුපසදීත් නළු නිළියන් විසින් ප්‍රේම රසායනය පවත්වාගැනීම ඉතාම වැදගත් බව’ කියා ඔහු හැඳගෙන සිටි කලිසම ගළවන්නට පටන් ගත් බවයි.
මේ සම්බන්ධයෙන් සෙගාල්ගේ කළමනාකරුගෙන් බීබීසී පුවත්සේවය කළ විමසීමකදී කළමනාකරු කියා ඇත්තේ සෙගාල්ට මේ ගැන කියන්නට දෙයක් නැති බවයි.
ස්ටීවන් සෙගාල්ගේ වයස අවුරුදු 65 කි. 80 සහ 90 දශකයේදී Under Siege සහ Flight of Fury වැනි චිත්‍රපට හරහා ඔහු ක්‍රියාදාම හා සටන් නළුවෙක් වශයෙන් ඉතා විශාල කීර්තියක් දිනා ගත්තේය. ජූඩෝ ක්‍රීඩකයෙකු වන රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්, 2016 වසරේදී සෙගාල් හට රුසියානු පුරවැසි භාවය ද ප්‍රදානය කළේය.
පෝෂියා ඩි රෝස් ට අමතරව Julianna Margulies සිනමා නිළිය සහ Jenny McCarthy නිරූපිකාව ද සෙගාල් විසින් තමන්ට සිදුකළ ලිංගික අපහරණයන් පිළිබඳ චෝදනා කර තිබේ.
පසුගිය ඔක්තෝබරයේ ඇමරිකානු මිරමැක්ස් සිනමා සමාගමේ සම හිමිකරු සහ හොලිවුඩ් සිනමාවේ කුවේරයෙකු වශයෙන් සැලකුණු හාවි වයින්ස්ටයින් විසින් දශක ගණනාවක් මුළුල්ලේ ක්ෂේත්‍රයේ නිළියන් අපහරණය කළ ආකාරය ගැන විස්තර සහ චෝදනා හෙළිවන්නට පටන් ගත්තේ හොලිවුඩය තුළ පමණක් නොව මුළු බටහිර ලෝකයම තුළ කුණාටුවක් ඇති කරමිනි. හාවි වයින්ස්ටයින්ගෙන් පසු තවත් ප්‍රකට නළුවන් දුසිමකට වඩා මේ වනවිට ලිංගික අපචාර සහ දුෂණ චෝදනාවලට ලක්ව සිටින අතර අසාධාරණයට ලක් වූ සුපිරි නිළියන් නොබියව හා ලැජ්ජාව පසෙක තබා තමන්ගේ කතාන්දරය ලෝකයට කියන්න පෙළඹී සිටිති. බෙන් ඇෆ්ලික්, ඔලිවර් ස්ටෝන්, ඡායාරූප ශිල්පී ටෙරී රිචඩ්සන් ආදීහු එහි වෙති. හාවි වයින්ස්ටයින් හට එල්ල වූ චෝදනාවල බරපතළ බව කෙතෙක් ද යත් ඔහුව මිරමැක්ස් සමාගමේන් පළවා හැර ඇත. මැන්හැටන් අධිකරණය ඔහුට විරුද්ධව නඩු පැවරීමට සූදානම් වෙයි. හාවි වයින්ස්ටයින් මේ වන විට කියා තිබෙන්නේ තමන් කළ කී දේවල් ගැන තමන් දුක් වන බවයි. සමාව ද ඉල්ලන බවයි. මේ පිළිබඳ ඉදිරියේදී සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න.
මේ අතර ‘වයින්ස්ටයින්ගේ ලැයිස්තුව’ට අලුතින් එක්වූ සාමාජිකයා වන ස්ටීවන් සෙගාල් ට අපචාර චෝදනා නගන ඇමරිකානු ඔස්ටේ්‍රලියානු සම්භවයකින් යුත් පෝෂියා ඩි රෝස්ට මේ ප්‍රසිද්ධ ප්‍රකාශනයෙන් පසු ඇති වූ තත්වය කුමක්ද?
පෝෂියාගේ සහ එලන් ඩි ජෙනරස්ගේ කුරුලු කූඩුවට දැන් වසර 9 කි. එලන් වහාම කළේතම ජීවන සහකාරියගේ ට්වීට් සටහන, මිලියන 75 ක් වන ට්විටර් අනුගාමිකයන් සමග එසැණන් ෂෙයා කිරීමයි. එහිදී ඇය මේ සටහන ද තබන්නට අමතක නොකළාය. “මට මගේ පියඹ ගැන ආඩම්බරයි” "I am proud of my wife".
-අමාලි ජයවීර
0 comments :
Post a Comment