මැතිවරණය කල්දැමීම යහපාලනයට සුදුසු නැහැ - එජාපය

මැතිවරණය කල්දැමීම යහපාලනයට සුදුසු නැහැ - එජාපය
ජනතාවට පළාත් පාලන මැතිවරණය ලබා දීම වෙනුවෙන් සහ එය කඩිනම් කිරීම වෙනුවෙන් අවශ්‍ය පසුබිම සහ පදනම සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂය කැපවීමෙන් සහ වෙහෙසීමෙන් කටයුතු කළ බව අවධානයට ගත යුතු බව කබීර් හෂීම් මහතා පෙන්වා දෙයි. එම නිසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජයග්‍රහණය කරවීම සඳහා ජන්ද අයිතිය තහවුරු කරන්නට එජාපය ගත්  උත්සාහය පරාජය කරමින් පටු දේශපාලන අරමුණකින් කටයුතු කරන ඕනෑම බලවේගයක් පරාජය කිරීමට පක්ෂයක් ලෙස මැදිහත් වන බව මහලේකම්වරයා සඳහන් කරයි.
 
මැතිවරණ හරහා ජනතාවට සිය මහජන නියෝජිතයන් තෝරා ගැනීමට ඇති අයිතිය ජනතාවගේ තීරණයකින් මිස වෙනත් බලපෑම් මත අහෝසි කිරීමට හෝ පමා  කිරීමට කිසියම් හෝ කණ්ඩායමකට නොහැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. 
 
" නව යහපාලන රජය යට‍තේ හැම විටම කළ යුතුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අයිතිය තහවුරු වන පරිද්දෙන්. ඒ නිසා ජනතා දේපල විනාශ කරමින් සහ ජනතාව මත සැක  බිය වපුරවමින් විශාල මුදල් නාස්තියක් කරමින් ඉකුත් රජය විසින් ගෙනගිය කඩින් කඩ මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලිය අහෝසි කරමින් ජනතාවට නිදහසේ තමන්ගේ මහජන නියෝජිතයා තෝරා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දිය යුතු වනවා. එය කිසිදු අවස්ථාවක පුද්ගල වාසි මත හෝ දේශපාලන වාසි  මත අහෝසි කිරීමට හෝ ප්‍රමාද කිරීමට හැකියාවක් නැහැ. මේ නිසා රටේ ප්‍රාදේශීය පරිපාලනය විධිමත් කිරිමට සහ ශක්තිමත් කිරීමට අවශ්‍ය මහජන නියෝජිතයන් පත්කර ගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමට පළාත් පාලන මැතිවරණය නිසිවේලාවට පැවැත්වීමට කටයුතු කිරීමට සියලු දෙනාගේ වගකීමක්."
 
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නීතිමය වාතාවරණය සකස් කර ගැනීමට සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන සමඟ එක්ව කටයුතු කරන බව කබීර් හෂීම් මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
 
ආශිකා බ්‍රාහ්මණ
 
unp press 1
unp press 2
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment