එල්ටීටීඊ සුසාන භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු අගමැති අනින් නවතී

එල්ටීටීඊ සුසාන භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු අගමැති අනින් නවතී
 
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා විසින් සිය විමධ්‍යගත අරමුදල්වලින් රුපියල් මිලියන 04 ක් සුසාන භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන්කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ද අගමැතිවරයා බලධාරීන්ට නියෝග කර ඇත. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් කරන විමධ්‍යගත අරමුදල් යොදාගන්නා ව්‍යාපෘති සම්බන්ධයෙන් නිර්නායක මාලාවක් ඇති බවයි. එම නිර්නායකවලට අනුව මෙවැනි කටයුත්තක් සඳහා මුදල් වෙන්කිරීම සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත වේ.
 
සුසාන භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝගයක් ද නිකුත් කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment