ලෙබනයෙන් වහාම ඉවත්වන ලෙස සෞදි අරාබිය සිය පුරවැසියන්ට නියෝග කරයි.

ලෙබනයෙන් වහාම ඉවත්වන ලෙස සෞදි අරාබිය සිය පුරවැසියන්ට නියෝග කරයි.

සෞදි ප්‍රෙස් ඒජන්සි හරහා කෙටි නමුත් දැඩි පණිවුඩයක් සිදුකරමින් සෞදි බලධාරීන් නියම කර තිබෙන්නේ ලෙබනනයේ ජීවත් වන හෝ සංචාරයන් සඳහා ලෙබනනයට ගොස් සිටින සියලුම සෞදි වැසියන්ට ලෙබනනයෙන් ඉවත් වන ලෙස ය. තවද ලෙබනනයට ඇතුළු නොවන ලෙසටද සෞදි අරාබිය විසින් තර්ජනාත්මක ඉල්ලීමක් පුරවැසියන්ගෙන් සිදුකර ඇත.

සෞදි විදේශ අමාත්‍යාංශය පවසා තිබෙන්නේ ‘ලෙබනනයේ සිටින සෞදි පුරවැසියන් හැකි තාක් ඉක්මනින් ලෙබනනයෙන් පිට විය යුතු බව’ට ය.

පසුගිය සෙනසුරාදා ලෙබනන් අගමැති සාද් හරීරි හදිසියේම කියා සිටියේ මරණ බියක් ඇති වී තිබෙන නිසා තමන් සිය ධුරයෙන් ඉවත් වන බවයි. ඒ අනුව ඔහු වහාම ඉල්ලා අස්විය.

මේ අතර ලෙබනන් ජනපති මිචෙල් අවුන් පවසා ඇත්තේ අගමැතිවරයා පුද්ගලිකව මුණ ගැසෙන තෙක් තමන් එම ඉල්ලා අස්වීම භාර නොගන්නා බවයි.
නමුත් එදා පටන් මේ දක්වා හිටපු ලෙබනන් අගමැතිවරයා ලෙබනනය තුළ දැකගන්නට ලැබී නැත. ඊයේ දිනයේ අල් හරීරිගේ දේශපාලන පක්ෂය ද ඔහුගෙන් ඉල්ලා සිටියේ වහාම ආපසු පැමිණෙන ලෙස යි.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් හරීරි ඉඟි කර තිබුණේ සිය සම්මුති ආණ්ඩුවේ කොටස්කරුවෙක් වන හෙස්බොල්ලා සංවිධානය විසින් රට ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ය.

හිස්බුල්ලා යනුවෙන් ද ඇතැම් විට හඳුන්වන හෙස්බොල්ලා සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධාන සතුරෙකි. ලෙබනනයේ ආණ්ඩු බලය හෙස්බොල්ලා සංවිධානය අත රැඳීම ‘(සෞදි) රාජධානියට එරෙහිව යුධප්‍රකාශ කිරීමක් සේ සලකන බව’ මේ අතර සෞදි අරාබිය පවසයි.

දේශපාලන නිරීක්ෂකයන්ට අනුව මෙම සෞදි ලෙබනන් අර්බුදය, ලෝකයේ සමගියට එල්ල වන අලුත්ම තර්ජනය ලෙස සැලකේ.

-අමාලි ජයවීර

පෙර පුවත්

ලෙබනන් අගමැති මරණ බය නිසා ඉල්ලා අස්වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment