තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වුවද තමන්ට කිසිදු වැඩ කටයුත්තක් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ නිලධාරීන් කිසිදු සහායක් නොදෙන බව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා පැවසුවේ තමන් මධ්‍යම පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මීට වඩා වැඩකොටසක් කිරීමට තමන්ට හැකියාව ලැබුණු බවය.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමඟ සාකච්චා පැවැත්වූවද ඉන් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා තමන්ට මෙසේ දැඩි තීරණයකට පැමිණීමට සිදු වූ බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
හෙට (11) පැවැත්වීමට නියමිත කඳුරට ජනතා පෙරමුණේ විශේෂ රැස්වීමේදී පක්ෂය ගන්නා තීරණය අනුව තමන් ක්‍රියාකරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍ය ධුරය හැර ගියත් රජයෙන් ඉවත් නොවන බව ද වැඩිදුරටත් පැවසීය.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment