බලධාරීන්ගේ මොන්ටිසෝරි වැඩ නිසා දුක් විඳින පළමු වසරේ දරුවෝ

බලධාරීන්ගේ මොන්ටිසෝරි වැඩ නිසා දුක් විඳින පළමු වසරේ දරුවෝ
වී.ජී. අකේෂ් ඉදුවර නැමති එම දරුවාගේ දෙමාපියන් සහෝදර පදනම යටතේ පාසලට දරුවන් ඇතුලත් කිරීමේ අයදුම් පත් යොමුකර සම්මුඛ පරීක්ෂණයටද පෙනී සිට ඇති අතර දරුවා පාසලට ඇතුලත් කර ගැනීම සඳහා තෝරාගෙන ඇතිබව දන්වා හුංගම ජාතික පාසලෙන් 2016.12.20 දින ලිපියක්ද යවා තිබේ.
 
ඒ අනුව මෙම දරුවා එම පාසලට ඇතුලත්කර පළමු ශ්‍රේණියේ බී පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබේ. ඒ අතරතුර පාසලේ විදුහල්පති විසින් අදාල දරුවා පාසලට ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රමාද දෝෂයක් සිදුව ඇති බව හෙළි කරගෙන ඇත. සම්මුඛ පරික්ණයේදී අකේෂ් ඉඳුවරට ලකුණු 32 ක් ලැබී ඇති අතර බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් එය ලකුණු 62 ක් ලෙස සටහන් කර තිබේ. මේ සම්බන්ධයේ ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව විදුහල්පතිවරයා විසින් ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිතව කරුණු විමසා ඇති අතර දරුවා වෙනත් පාසලෙන් ඉවත් කරන ලෙස උපදෙස් ලැබී තිබේ.
 
දෙමාපියන් පවසන්නේ බලධාරීන් සිදුකළ වැරැද්ද හේතුවෙන් අවසානයේ තම දරුවාට වන්දි ගෙවීමට සිදුව ඇති බවයි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා ද එම පාසලේම අධ්‍යාපනය ලබන හෙයින් මෙම දරුවා වෙනත් පාසලකට මාරු නොකරන ලෙස දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
 
අධ්‍යාපන අමාත්‍යංශය තුළ මෙවැනි අතපසුවීම් දිනෙන් දින වාර්තා වේ. මෙවැනි අතපසුවීම් සිදුකරන බලධාරීන් වැරැද්දෙන් නිදහස් වන අතර වන අතර එ් නිසා අවසානයේ අපහසුතාවට පත්වන්නේ රටේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුර හා ඔවුන්ගේ දෙමාපියන්ය. 
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
student 1
student 2
student 3
student 4
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment