වසර 16 පුරා පියාගේ සහතික වලින් වෛද්‍යවරයෙකුවූ පුතා

 වසර 16 ක්‌ පුරා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාර හා ගබ්සා කිරීම් කළ හොර වෛද්‍යවරයකු, බෙහෙත් පෙති විසිදහසකට අධික සංඛ්‍යාවක්‌ ඇතුළු වෛද්‍ය උපකරණ සමඟ ගම්පොළ කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



ගම්පොළ ගලහ පාලම හංදිය අසල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්‌ථානයක්‌ තුළ නීති විරෝධී ගබ්සා කිරීම් සිදු කරන බවට ගම්පොළ කොට්‌ඨාස බුද්ධි තොරතුරු ඒකකය විසින් අනාවරණය කර ගැනීමෙන් පසු මෙම වැටලීම සිදු කොට තිබිණි.

උපාය දූතයන් යොදවා සිදුකළ පරීක්‍ෂණ අනුව ගබ්සා කිරීම් වලදී කලලයේ සති අනුව රුපියල් 15000 සිට රුපියල් තිස්‌ දහස දක්‌වා මුදල් මොහු අයකර ගෙන ඇත.


මෙම සැකකරුගේ පියා වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට මියගොස්‌ ඇති අතර ඔහුගේ වෛද්‍ය සහතික උපයෝගි කර ගනිමින් මොහු මෙසේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

පියා සිටින කාලයේ ඔහුට උදව් කිරීම හා ෆාමසිවල වැඩ කිරීම හැර මොහු කිසිදු වෛද්‍ය පුහුණුවක්‌ ලබා නොමැති බවද මෙහිදී අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් ගලහ වතු ජනයා ඇතුළු සියලු දෙනාට වෛද්‍ය ප්‍රකිකාර සිදු කර ඇති මොහු එක බෙහෙත් වේලෙන්ම රෝගී තත්ත්වයන් සුව කර ඇති නිසා වන්ෂොට්‌ නමින් ප්‍රදේශය තුළ ප්‍රසිද්ධව සිටි බවද පොලිසිය ප්‍රකාශ කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment