ශ්‍රීලනිපයට නව සංවිධායකවරු 20ක් - ශ්‍රීලනිපය වසර 27කට පසු ‘අත’ ලකුණින්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.  ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගය යළිත් ඔප්නැංවීම සඳහා මින් ඉදිරියට පැවැත්වෙන සියලූම මැතිවරණවල දී ‘අත’ ලකුණින් ඉදිරිපත් වීමට එම පක්ෂය  තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 27 කට පසුව ලබන වසරේ පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අත ලකුණෙන් තරග කිරීමට සැලසුම් කර තිබේ.

අවසන් වරට  ශ්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ 1991 පළාත් පාලන මැතිවරණය සඳහාය.

මේ අතර තෝරාගත් ප්‍රදේශ සඳහා නිදහස් පක්ෂය සන්ධාන ගතව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි ද අවධානය යොමුව ඇත.

නුවරඑළියට පොදු සන්ධානයකින් :

එහිදී පොදු ලකුණක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධ අවබෝධතා ගිවිසුම එම පක්ෂ සමඟ අත්සන් කිරීම ලබන සතියේ දී සිදු කිරීමට නියමිතය.

කෙසේවුවද ශ්‍රීලනිපය සමග සන්ධානගතව මෙවර මැතිවරණයට තරඟ කිරීමට එකඟත්වය පළකර ඇති තොන්ඩමන් මහතාගේ ලංකා  කොන්ග්‍රසය 'අත ' ලකුණින් තරඟ කිරීමට විරෝධය පළකර තිබේ. එසේ 'අත' ලකුණින් වතුකරයට තරඟ කිරීම අවාසිදායක බව ඔහු ශ්‍රීලනිප නායකයින්ට පෙන්වා දී ඇත.


ඒ අනුව මඩකළපුව, නුවරඑළිය ආදී ප්‍රදේශවලට පොදු සන්ධානයකින් නිදහස් පක්ෂ මැතිවරණයට ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තාවේ.

නව සංවිධායකවරු 20ක් 

එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්විය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද පිළිගන්වනු ලැබිය.

සරත් ගාමිණි හෙට්ටිආරච්චි පසුගිය වසර කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය සමග ද එක්ව කටයුතු කළ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව සංවිධායකවරු 19 දෙනෙකු ද අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපි ලබාගත්තේය.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

නුවරඑළිය ආසන සම සංවිධායක -        රොෂාන් ගුණවර්ධන මහතා
මහනුවර දිස්ත්‍රික්කය                     -        සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා
ගම්පහ දිස්ත්‍රික්ය                         -        ප්‍රදීප් චන්දන පෙරේරා මහතා/නලින් සේනක දිසානායක මහතා
කොළඹ දිස්ත්‍රික්කය                    -        චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය
ගාල්ල දිස්ත්‍රික්කය                       -        අසාම් හමාඩ් මහතා
අනුරාධපුර දිස්ත්‍රික්කය                 -        එම්.ආර්.බී. ඥානතිලක මහතා
පුත්තලම දිස්ත්‍රික්කය                   -        මල්පිනී විතාරණ මහත්මිය
ගාල්ල දිස්ත්‍රික්කය                       -        පී.එච්.චම්පිකා නිරංජලී මිය/ඩබ්.ඒ.නිලානි මිය
නින්දවූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය     -        වයි.එල්.සුලෙයිමා ලෙබ්බේ මහතා
රත්නපුර දිස්ත්‍රික්කය                             -        සමන් ඉන්දික මානවගේමහතා/කේ.එම්.එස්.එස්.රත්නායක මහතා
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය                -        එම්.එච්.එම් සහීල් මහතා

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කාර්තිව් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ

මුස්ලිම් ජන ප්‍රදේශය                             -        අබ්දුල් මජීඩ් ජාහීර් මහතා

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය             -  එස්.විග්නේෂ්වරන් මහතා

මඩකලපුව දිස්ත්‍රික්කය                 -        එස්.සුජාන් මහතා /ගුණරත්නම් හරිතරන් මහතා

මහනුවර දිස්ත්‍රික්කය                             -        අලගර් සෙල්වකුමාරන් මහතා

රත්නපුර දිස්ත්‍රික්කය                             -        නිමල් ගාමිණී වීරසිංහ මහතා  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget