බදියුදීන්ගෙන් රු. කෝටි 520ක සහන ණය.


සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ පරිසර හිතකාමි නිෂ්පාදන දිරිගැන්වීම සඳහා ඉතා සහන පොලියක් මත රු. මිලියන 30 දක්වා ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අනාවරණය කරයි. මේ සඳහා රු. කෝටි පන්සිය විස්සක් හෙවත් රුපියල් බිලියන 5.2ක් 2018 වසර සඳහා වෙන් කර ඇති අතර, ණය ලබා දෙන්නේ 6.5%ක් තරම් වූ ඉතා සහන පොලී අනුපාතයකටය.

එකී ණය එක් අයකුට උපරිම වශයෙන් මිලියන 30ක සීමාවකට යටත්ව ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව හා සෙලාන් බැංකුව යන බැංකු 9 සහ තවත් මූල්‍යායතන කිහිපයක් මඟින් ලබා දීමට අවශ්‍ය ගිවිසුම් පසු ගිය 6 වැනිදා අස්සන් කෙරුණු බවත් ඇමැතිවරයා පවසයි.

මෙරට තුළ ජාතික නිෂ්පාදනයට කර්මාන්ත අංශයෙන් 30%කට අධික දායකත්වයක් ලබා දෙන බවත්, එමඟින් ආර්ථික වර්ධනයට හා රැකියා උත්පාදනයට මග පෑදෙන බවත්, වඩාත් පරිසර හිතකාමි කර්මාන්ත කෙරෙහි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් යොමු කරවීම මෙහි අරමුණ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment