අලි පාටියේ පට්ටමට තට්ටු වෙච්චි අනාරාධිතට කතා නැහැ [Gossip]


අලි පාටියේ මහ ගෙදර බලමණ්ඩල රැස්වීමක් තිබුණ ඒ බලමණ්ඩලේ කැඳවල තිබුණෙ ඒ පළාතෙ මන්ත්‍රී පට්ටම දරන අාචාර්යතුමා ඉතින් උන්නැහේගෙ මේ රුස්වීමට පාටියෙ ලොකු මහත්තුරැ වගේම විශාල පිරිසකුත් පැමිණිලා හිටියලු.

රැස්වීමට යනකොට ඔන්න ඒකට අනාරාධිතවම අමුත්තෙක් ඇවිල්ල මුල පේළියේ වාඩි වුණාලු එයත් පක්ෂයේ ඉහළ පට්ටමක් දරන කලක් කැබිනට්ටුවෙ ඉඳල පට්ටමට තට්ටු කරගත්ත කෙනෙක්ලු...

මෙයා අනාරාධිතව මෙතෙන්ට ආවට රැස්වීම සංවිධානෙ කරපු ආචාර්යතුමා කෙහොමටවත් සතුටු වුණේ නැහැ කියලයි ආරංචි... ආව විතරක් නෙවේ පක්ෂයේ දරන තනතුර නිසා දේසනයකටත් සූදානමින්ලු එයා ආවෙ.

මේක ඉවෙන් වගේ දැනගත්ත ආචාර්යතුමා රැස්වීමෙ කතා තියෙන්නෙ ලොකු මහත්තයට පමණයි. ස්තුතිය විතරක් මම කරනව... වෙන කාටවත් කතා නැහැ කියල ප්‍රසිද්ධියෙම කියල පාටියෙ ලොකු මහත්තයට කතාව දුන්නලු.

ඒ සමඟ කතාව බලාපොරොත්තු වුණ අයගෙ මූණ කළුවෙලා ලොකු වුණාලු. එයා එහෙම තරහ සෙයියාවෙන් ඉන්නකොට ඔය වැඩේ එයාට මෙතන විතරක් නෙවේ කොළොන්නාවෙදිත් වුණා කියල ආචාර්යතුමා මිතුරෙකුට කිව්ව බවයි ආරංචි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment