“ආරක්ෂාව ගැන කල්පනාවෙන්. නමුත් සබඳතාවය පෙර සේමයි. ” මාගම්පුර වරාය චීනයට දීම ගැන ඉන්දියාව කියයි.

“ආරක්ෂාව ගැන කල්පනාවෙන්. නමුත් සබඳතාවය පෙර සේමයි. ” මාගම්පුර වරාය චීනයට දීම ගැන ඉන්දියාව කියයි.

එසේම “ශ්‍රී ලංකාව සමග ඉන්දියාවේ සම්බන්ධතාවය, ශ්‍රී ලංකාව සමග පවත්වන එකක් මිස එහිදී කිසිදු තුන්වන රටක් සමග එම සබඳතා රඳා නොපවතිනු ඇති බව” ද ඔහු පැවසීය. ගැඹුරු මූලයන් සහ බහුවිධ මානයන් ඔස්සේ විහිදෙන චිරස්ථායි සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඔහු එහිදී සිය විශ්වාසය පළ කර සිටියේය.

“කලාපයේ ආරක්ෂක ගැටළුවලට අදාළව ශ්‍රී ලංකාවේ ගැටළු පිළිබඳ අපි දිගටම සැලකිලිමත් වෙනවා. අපේ ආරක්ෂක ගැටළු සහ සංවේදිතා ගැන ශ්‍රී ලංකාවේ මිත්‍රයන් කල්පනාවෙන් පසු වේ යැයි අප බලාපොරොත්තු වෙනවා..” යැයි එහිදී ඔහු කියා සිටියේය.

චීන සමාගමක් වන චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ස් කම්පැනි (CMPort) මගින් කළමනාකරණය වන හම්බන්තොට ඉන්ටනැෂනල් පෝට් ගෲප් (HIPG) සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝට් සර්විසස් (HIPS) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මේ අනුව හම්බන්තොට මාගම්පුර වරාය සහ ඒ අවට නිර්මාණය වන ආයෝජන කලාපයේ හිමිකාරිත්වය ලැබේ.

මෙම ගිවිසුම යටතේ, චීනය සහ යුරෝපය අතර පාලම් සහ වරායන් යා කරන චීනයේ Belt and Road initiative ආර්ථික සැලැස්මේ ප්‍රධාන භූමිකාවක් රඟපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන නාවික හමුදාව මෙම වරාය ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන හෙයින් ඉන්දියාව මීට පෙර මේ සම්බන්ධව සිය අප්‍රසාදය පළ කර තිබිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙයට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ කිසිදු විදේශ රටකට හම්බන්තොට මාගම්පුර වරාය ක්‍රමෝපායික ‘හමුදා මධ්‍යස්ථානයක්’ වශයෙන් භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි.

-ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇසුරෙනි.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment