කවදාවත් නැතුව පාර්ලිමේන්තුවට දිගු නිවාඩුවක්.


පාර්ලිමේන්තුව ලබන ජනවාරි 23 වැනිදා දක්වා මේවන විට කල් තබා තිබේ.

මෙසේ මාස එකහමාරකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදී ඇත්තේ පළාත් පාලන මැතිවරණය නිසා මන්ත්‍රීවරුන්ට පක්ෂවල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සහභාගිවිමට අවස්ථාව ලබාදීමට බවට දේශපාලන කේෂත්‍රයේ කතා බහට ලක්ව ඇත.

පසුගිය 09 වැනි සෙනසුරාදා අය-වැය සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව තව දින කිහිපයක් රැස්වී නව ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණද, එය පැවැත්වීමට තරම් මන්ත්‍රීවරු නොමැතිවීම නිසා මෙසේ පාර්ලිමේන්තුව කල් තැබිණි.

මීට පෙර මෙතරම් විශාල කාලයක් මන්ත්‍රීවරුන්ට වර්ෂාවසාන විවේකයක් ලැබී නැතැයි ද පැවසේ.

පාර්ලිමේන්තුව බොහෝවිට නව වසරේ දෙවැනි සතියේදී ආරම්භ කිරීම පසුගිය කාලයේදී සිදුවූ බවද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment