බැඳුම්කර වාර්තාව අද ජනාධිපති අතට.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (28) ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව මේවනවිටත් තීරණය කර තිබේ.
ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව කිසියම් පුද්ගකයකු හෝ පිරිසක් මෙම මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ බවට තහවුරු වුනොත් ඔහුගේ පක්ෂය, තනතුර, ජාතිය හා ආගම ආදී කිසිවක් නොසලකා නිත්‍යානුකුලව කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අවධාරණය කර සිටියේය.
0 comments :
Post a Comment