තව ගේන්න එපා, දෙන්න ඇමතිකම් නෑ - ජනාධිපති

තව ගේන්න එපා, දෙන්න ඇමතිකම් නෑ - ජනාධිපති
හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල විසින් ශ්‍රීලනිපය කෑලි කෑලිවලට කඩා දැමීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින බොහෝ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටින අතර ඔවුන් ආණ්ඩුවේ ඇමතිවරුන් හරහා නැවත ශ්‍රීලනිපයට සම්බන්ධවීමට කැමැත්ත පළකර තිබේ.
 
මීට අමතරව ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීම හරහා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව තිබූ බලාපොරොත්තු බිඳවැටී ඇති අතර පිල් මාරුවට මෙය ද බරපතල හේතුවක් වී තිබේ.
 
මේ වනවිට විදේශගතව සිටින බන්දුල ගුණවර්ධන මහතා ද ආණ්ඩුවට සම්බන්ධවීමට විවිධ පාර්ශ්වයන් හරහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු පවසා ඇත්තේ මුදල් අමාත්‍යංශයට සම්බන්ධ වගකීමක් ලැබෙන්නේ නම් මෙරටට පැමිණි වහාම පිල් මාරුකිරීමට තමන් සූදානම් බවයි.
 
මෙවැනි මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම් හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර එයට හේතු වී ඇත්තේ ආණඩුවට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු මන්ත්‍රීවරුන් ඇමතිකම් බලාපොරොත්තුවීමයි.
 
පසුගිය මැතිවරණයේදී පරාජයට පත්ව එහෙත් ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමේදී අවශ්‍ය වුවහොත් එම ඇමතිකම් නැවත පක්ෂයට ලබාදිය යුතු බවට කොන්දේසියක් පණවා තිබූ අතර එහෙත් අදාල ඇමතිවරුන් කිසිවෙකුත් සිය ඇමතිධූර ආපසු ලබාදීමට කැමැත්ත පළකර නොමැත.
 
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් ඇමතිධූරයක් රහිතව රජයට සම්බන්ධවීමට කැමැත්තක් නොමැති අතර යහපාලන රජය තුළ තවදුරටත් ඇමතිධූර නිර්මාණය කිරීම අපහසු කරුණකි. එ් හරහා රජයේ ප්‍රධානීන් අපහසුතාවට පත්විය හැකි අතර ඇමතිධූර වැඩිකිරීමට එජාපය කිසිසේත් එකඟ නොවනු ඇත.
 
මේ නිසා ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ තවත් මන්ත්‍රීවරුන් රජයට සම්බන්ධ කරගැනීම අත්හිටුවීමටයි.  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment