ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න රනිල් සමඟ සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සෘජුව සම්බන්ධ වී, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාවක් දැන් උදා වී තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා සම්බන්ධ වීමෙනි.



‘රනිල් සමඟ සම්බන්ධ වන්න මෙහි ක්ලික් කරන්න‘ යනුවෙන් ඡායාරූපයක් එහි දිස්වන අතර එය ක්ලික් කිරීමෙන් පරිශීලකයාගේ තොරතුරු ඇතුළත් කිරීමේ පිටුවක් විවෘත වේ.

එහි අදාළ තොරතුරු පිරවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නිල වෙබ් අඩවිය වන unp.lk හා ප්‍රවේශ වීමට මග පෑදෙනු ඇත.
unp.lk වෙත පිවිසීමෙන් ‘ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම‘ පිළිබඳ වැඩපිළිවෙල පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව පරිශීලකයාට හිමිවේ.

ඊට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂය පසුගිය සමයේ දී සිදු වූ වැරදි නිවැරදි කරමින්, කඩා වැටුණු අපගේ ආර්ථිකය නැවත ගොඩනගමින් සහ වැඩි දියුණු කරමින් සිටින අතර සියලුම ශ්‍රී ලාංකිකයන්ට යහපත් අනාගතයක් උදෙසා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගමින් පවතී.

ඔවුන් මේ දක්වා,
• 400,000 කට අධික රැකියා ප්‍රමාණයක් බිහි කිරීම.
• පවුල් 200,000 කට වැඩි ගණනකගේ නිවාස සිහිනය සැබෑ කිරීම.
• තෙල් මිල 22% කින් අඩු කිරීම.
• ගර්භණී කාන්තාවන් සඳහා රු. 20,000 ක් ප්‍රදානය කිරීම.
• දරුණු ගණයේ අපරාධ තුනෙන් එකකින් අඩු කිරීම.
• රාජ්‍ය අංශයේ වැටුප් රු. 10,000 කින් ඉහළ නැංවීම.
සිදුකර කර තිබෙන බව unp.lk වෙබ් අඩවිය සඳහන් කර සිටී. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දැක්වේ.

එසේම ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාව යහපත් අනාගතයක් කරා ගෙන යා හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම සමඟ ඉදිරියට යාමෙන් පමණක් බව එහි අවධාරණය කර තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment