එක්සත් ජාතික පාක්ෂිකයන්ට අනුරගෙන් ආරාධනාවක්.

එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු තුනේ අනුගමනය කළ ක්‍රමයට තම විරෝධය පළ කිරීම සඳහා මෙවර මෙවර පළාත් පාලන මැතිවරණයේදී යොදා ගන්නා ලෙස තමන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

රටේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ මහ බැංකුවෙන් හොරා කෑවා මෙන්ම ගමේ බලය ලබාගෙන සමූපකාර බැංකුවෙනුත් හොරා කනු ඇතැයිද එහිදී අනුර දිසානායක මහතා පැවසීය.

ගමේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබාදුනහොත් තමන් පසුගිය අවුරුදු තුනේ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ජනතාව අනුමතකර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා අර්ථකථනය කරනු ඇතැයිද එම නිසා ඊට එරෙහිව මෙවර ඡන්දය භාවිතා කළ යුතු යැයිද අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

මහනුවර කිරිබත් කුඹුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“හොරකම් නතර කරන්න ආපු ආණ්ඩු ජනතාවට මෙතරම් වංචා කරනවද? බැඳුම්කර වංචාව මගින් වසරක ලාභය රුපියල් කෝටි 530 රුපියල් 1000 නෝට්ටුවලින් ගෙන එකතු කළහොත් ගඩොල් පෝරණු දෙකක් තරමට විශාලයි. කෝටි 530 යි කියන එක සරලයි නමුත් බලන්න මම ඔයාලට කියන්නම් මේ වංචාව තේරෙන විදිහට.

ලක්ෂයකට 1000 කොල 100 යි. කෝටියකට 1000 කොල 10,000 යි. සාමාන්‍යයෙන් 1000ක කොළ 500ක් බන්ඩල් ගැහුවොත් ගඩොල් කැටයක ප්‍රමාණයක් එතකොට 1000 කොළ 500 බන්ඩල් 20ක් වෙනවා කෝටියකට එතකොට එතැන පෙනුම ගඩොල් කැට 20ක විතර පෙනුම. එතකොට රුපියල් කෝටි 530ක් කියන්නෙ ගඩොල් කැට 10,600ක්. ඒ කියන්නෙ ගඩොල් පෝරණු දෙකක් 1000 කොළ. පේනවද රටට කරල තියෙන විනාශය. අර්ජුනගෙ ලාභය ගඩොල් පෝරණු දෙකක් වගේ ඒක රටටම කරපු මහ විනාශයක්.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment