කුරුදු පොලු මෛත්‍රීගේ මැතිවරණ උවමනාව කුමක්ද?


මෙවර පැවත්වෙන පලාත් පාලක මැතිවරණයට කෝට්ටේ මහා නගර සභාවට ප්‍රධාන පක්ෂ සියල්ලම නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදි සිටි.

මෙහිදී හිටපු නගරාධිපති ජනක රණවක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නියෝජනය කරමින් අත ලකුණ යටතේ තරග වදි.

හිටපු නියෝජ්‍ය නගරාධිපති මධුර විතාන ඇතුළු කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිනිය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් තරග වදින අතර එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මෙන්ම ජවිපෙ කණ්ඩායමක් සීනුව යටතේ තරග වදී.

එහෙත් මෙහිදී විශේෂත්වයක් වනුයේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් දෙක නියෝජනය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් අත ලකුණින් හිටපු නගරාධිපති ජනක රණවක මහතා තරග වදින අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නියෝජිතයින් අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදිද්දී ආණ්ඩුවේම සංස්ථාවක් වන ඛනිජ වැලි සමාගමේ වර්තමාන සභාපති නීතිඥ මෛත්‍රී ගුණරතන මහතා කෙහෙල් ඇවරිය ලකුණ යටතේ එජාපයට මෙන්ම ශ්‍රිලනිප හිටපු නගරාධිපති ජනක රණවකට විරුද්ධව තරග වැදීමයි.

ඒ අනුව ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් විසින් ආණ්ඩුවේ අනික් පාර්ශ්වයේ ඡන්ද කැඩීම සඳහා ආණ්ඩුවේ ඉහළ පුද්ගලයකුගේ ලග සිටින උපදේශකවරයකුගේ අනුග්‍රහය මත මෙම කණ්ඩායම ඉදිරිපත් කල බැව් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අතර ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන හිටපු නගරාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තම අප්‍රසාදය පක්ෂ නායකත්වය වෙත දන්වා ඇතැයිද පැවසෙයි.

එමෙන්ම මෙම කණ්ඩායමේ නායකත්වය දරන ආණ්ඩුවේ සභාපතිවරයා පසුගිය කාලයේදී එවකට විපක්ෂ නායක වශයෙන් සිටි වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් කල පාගමනකට මාතර බෝධිය අසලදී පහරදීමට ලක් කොට වෙඩි තැබිමක් ද සිදු කලේ යයි චෝදනා එල්ල වී තිබින.

මේ සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය තුල නඩුවක් පවතී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment