හේතුව , ස්ථානය ,වෙලාව ගැන අදහසක් නැත්තේ හීනෙදි ඒ දේවල් දැක්ක ද නැද්ද කියල හරියට ම මතක නැති නිසා.ඒත් ඒක හරිම ලස්සනට කොළ පාටින් වර්ණවත් කරල තිබ්බ පරණ පන්නයේ ජීෆ් එකක් කියල නම් හොඳ හැටි මතකයි. මට මොකක් හරි ගමනක් යන්න තිබ්බ බවත් මට ඒ ගමන යන්න ක්‍රම දෙකක් තිබ්බ බවත් ඉන් එක් ක්‍රමයක් වුනේ පියන සහිත බාග බැරල් එකක් ඇතුලට වෙලා පෙරලි පෙරලි යන්න බවත් වාන්තමින් මතකයි. බැරල් බාගෙ ඇතුලට අමාරුවෙන් ඇතුළු වුනත් ඒ ක්‍රමයට ගමන සම්පූර්ණ කරන්න කලින් මම මිය යන බව මට දැනුනා. ඒ එක්කම වගේ අර මම කියපු ලස්සන කොල පාට ජිෆ් එක ඇවිත් මා ළඟ නතර කරේ ඒ ගමනම යන්න තවත් ක්‍රමයක් මට තියෙනව කියල පෙන්වන්න වගේ. ඒත් එක සැරේට මම යන්න හිටපු ගමන යන්න පුදුම සෙනඟක් එතනට එකතු වුනා.
මම වාහනයට නඟින්න හදන හැම වාරයක් ගානෙම එතන හිටපු කෙනෙක් වාහනයට ගොඩ වුනා. එහෙම ඓහම අවසානය වෙද්දි සීයයකටත් වඩා වැඩි පිරිසක් අර පුංචි ජිෆ්පෙක ඇතුලෙ වාඩි වෙලා හිටියා. ඒත්..............අවසානම අසුනේ අයිනම කොණක පුංචිම පුංචි ඉඩක් ඉතිරි වෙලා තියනවා මම දැක්කා....... එතනට යන්න වාහනේට නඟින්න හදනකොටම , කොහේද ඉදල දුවන් ආපු පුංචි කොලු පැටියෙක් මාවත් පෙරලන් වාහනේට ගොඩ වෙලා අර ඉඩ තිබ්බ තැන වාඩි වුනා..................
මට කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැති ඒ වෙලාවේ මම නිකමට වගේ වාහනේ රියදුරු අසුන දිහා බැලුවා......... එතන හිටියෙ මට බොහොම හිතට ළඟ මම ගොඩක් අඳුරන කෙනෙක්.ඒත් මා දිහා කෙලින් නොබලපු ඒ මූණෙ ඇස් ...තෙත් වෙලා තිබ්බ දැක්කා මට මතකයි........... මේ හීනය පුරාම එක වචනයක් වත් හුවමාරු වුනේ නෑ. එයාල ඒ වාහනේ ඒ ගමන ගියාද නැද්ද කියල නම් මට මතක නෑ. හැබැයි......ඒ ගමන යන්න හිටපු මම , තාමත් එතනම හිටගෙන ඉන්නව වගේ හැඟීමක් මගේ හිතට තාමත් දැනෙනවා.........
'සමහර හීන , අපිව ඇහැරවනවා' කියල මට හිතෙනවා..............
දැකපු ලස්සනම හීනෙකින් ඇහුරුනු
මම
සොඳුරු සිත
0 comments :
Post a Comment