මෛත්‍රී - රනිල්, මනෝ - දිගා වෙනුවෙන් STF හටනක.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙත පොලිස් විශේෂ කාර්ය බලකා (STF) ආරක්ෂාව ලබා දී ඇතැයි Info Sri Lanka News වාර්තා වේ.
කෙසේ නමුත් මේ සමඟ ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතාට ද මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකා (STF) ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ.
මේ වන විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර නිර්මාණය වෙමින් පවතින සිතල යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් ලෙස මෙම STF සිද්ධිය හඳුනාගත හැකි බව දේශපාලන විචාරකයන් පවසයි.
0 comments :
Post a Comment