'ඡන්ද කාලේ බඩු බෙදුවොත් බලාගෙනයි' - මැකෝ


මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා මැතිවරණයට තරග කරන පක්‍ෂ සහ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු වැඩසටහනක්‌ සංවිධානය නොකරන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

කලින් සැලසුම් කළ අත්‍යවශ්‍ය භාණ්‌ඩ බෙදාදීමක්‌ සිදුකරන්නේ නම් දේශපාලන සහභාගිත්වයකින් තොරව එය සිදුකිරීමට වගබලා ගන්නා ලෙස ද එම කොමිසම දැනුම් දී තිබේ.

රාජ්‍ය නිලධාරීන් මැතිවරණයකදී අපක්‍ෂපාතීව ක්‍රියාකළ යුතු බව ද කිසියම් අපේක්‍ෂකයකු හෝ පක්‍ෂයක්‌ ප්‍රවර්ධනය වන ආකාරයට හෝ කිසියම් පක්‍ෂයක්‌ හෝ අපේක්‍ෂකයකු අගතියට පත්වන ආකාරයට රාජ්‍ය දේපළ යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතු බව ද කොමිසම අවධාරණය කර ඇත.

මේ පිළිබඳව මැතිවරණ කොමිසම නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස්‌ සියලු නිලධාරීන් අනුගමනය කළ යුතු බව එම කොමිසම දැනුම් දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment