ජෝතිපාල ගීත අනවසරයෙන් ගැයුවැයි බිරිය හා දරුවන් නලින් පෙරේරාගෙන් කෝටියක වන්දි ඉල්ලයි


ජෝතිපාල ගීත අනවසරයෙන් ගැයුවැයි
බිරිය හා දරුවන්
නලින් පෙරේරාගෙන් කෝටියක වන්දි ඉල්ලලා


මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා පසුගියදා පැවැත්වූ Kings of 70's unplug සංගීත ප්‍රසංගයේදී එච්.ආර්. ජෝතිපාල ගායකයාණන් 70 දශකයේදී ගායනා කළ ගීත කිහිපයක් අනවසරයෙන් ගායනා කිරීම සම්බන්ධයෙන්
ජෝතිපාල මහතාගේ බිරිඳ සහ දරුවන්
ඔහුට එරෙහිව පැවරූ නඩුව පසුගිය සතියේ වාණ්ජ මහාධිකරණයේදී විභාග විය.
ගායක එච්.ආර්. ජෝතිපාල මහතාගේ බිරිඳ වන බ්ලෝසම් ජෝතිපාල මහත්මිය සහ ඇයගේ දරුවන් සිවුදෙනා මෙම නඩුව පවරා තිබුණි.

පසුගිය කාලයේ මෙම අඹුදරුවන් ප්‍රසිද්ධ මාධ්‍ය තුළ පෙනී නොසිටි අය වන නමුත්

ජෝතිපාල මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙවර පෙනී සිට තිබේ.ජෝතිපාල මහතා ගීත 10,000 කට අධික සංඛ්‍යාවක් ගයා ඇති බවත් ගීත ඇල්බම සියයකට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් නඩුවේදී පෙන්වාදුන් ඔවුන් මෙම සිය ගීතවල හිමිකම් පෙත්සම්කරුවන් සතු බව දන්වා සිටියා.

එච්.ආර්. ජෝතිපාල ගායකයාණන්ගේ ගීත අනවසරයෙන් ගායනය කරන ලද වගඋත්තරතාර නලින් පෙරේරා මහතාගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දෙන ලෙස ඔවුන් උසාවියෙන් ඉල්ලා ඇත. මේරියන්ස්  කණ්ඩායමේ නායක නලින් පෙරේරාට කොළඹ වාණිජ
 මහාධිකරණය මේ අනුව ලබන ජනවාරි 10 දින පෙනී සිටින්නට නොතිසී නිකුත් කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment