අන්තර්ජාතික දුෂණ විරෝධී දිනය වෙනුවෙන් සාගල අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය

අන්තර්ජාතික දුෂණ විරෝධී දිනය වෙනුවෙන් සාගල අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය

එම ප්‍රකාශය පහතින් පලවේ

"මෙරට තුල දුෂණය සහ වංචාව පිටුදැකීම සඳහා මේ රජය රට තුල විශාල වැඩසටහනක් සිදුකරනවා. මැතිවරණ වේදිකාවලදී මේ රජය ජනතාවට ලබාදීපු ප්‍රදාන පොරොන්දුවක් තමයි දුෂණය වංචාව මේ රටින් පිටුදකිනවා කියන එක. ඒ වගේම පසුගිය කාලයේදී දුෂණ වංචාවන්ට හසුවූ ය නිතිය ඉදිරියට ගෙන එනවා කියන එක. අද වෙනකොට ජනතාව අපෙන් අහනවා මේ නඩුවලට මොනවද වෙන්නේ කියල, පරීක්ෂණවලට මොනවද වෙන්නේ කියල, විශේෂයෙන් ඒ වෙනසට ජන්දේ දීපු අය අහනවා, ඒ වෙනසට මහන්සිවෙච්ච අය අහනවා.ඒ වගේම සාධාරණව ජීවත්වෙන්න කැමති අපේ රටේ ජනතාවත් අහනවා. මම කියන්න කැමතියි.ඒ සඳහා අපේ රජය විශාල වැඩකොටසක් කරලා තියෙනවා බව.

මූල්‍ය වංචා පිටුදකින්න මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ස්ථාපිත කළා. ඔවුන් වැඩකටයුතු රාශියක් කරලා තියෙනවා. ඒ අනුව නඩු 13 ක් මේ වනවිට උසාවියේ විමර්ශනය වෙනවා. ගොනු 93ක් නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරලා තියෙනවා. තවත් ගොනු රැසක් වංචා හා දුෂණ කොමිෂන් සභාව ඇතුළු විමර්ශන ආයතන වෙත යොමුකරලා තියෙනවා.

මම මීට කලිනුත් කියල තියෙනවා මේ විමර්ශන ලේසි පහසු විමර්ශන නෙවෙයි. ඉතා සංකීර්ණයි. සමහර ඒවා රටවල් අතර සිදුවුණා ඒවා, වෙන රටවල්වල ගනුදෙනු සිදුවෙච්ච ඒවා. අපි ඒ රටවල්වල සහය පතන්න ඕන. අපේ විමර්ශන කණ්ඩායම් මිට පෙර මෙවැනි විමර්ශන සිදුකරලා නැති අවස්ථාවන් තියෙනවා. එවැනි අවස්ථාවල අපේ විමර්ශන කණ්ඩායම්වලට විශේෂඥ දැනුම ලබාගැනීමට සිදුවෙනවා. ඒවගේම අපිට මානව සම්පතෙත් හිඟය තියෙනවා විමර්ශන කරන්න. නමුත් මේවා අපි ක්‍රමක්‍රමයෙන් අභිබවාගෙන ඇවිත් පරීක්ෂණ විශාල ප්‍රගතියකට ගෙනත් තියෙනවා.

ඒ වගේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා අපි රට තුල ස්ථාපිත කරලා තියෙනවා.පොලිස් කොමිසම ඒවගේ එකක්. පොලිස් කොමිෂම නිසා අද පොලිස් නිලධාරීන්ට තමන්ගේ සේවය දේශපාලන බලපෑමෙන් තොරව කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකේ වෙනස ජනතාවට පේන්න පටන් අරන් තියෙනවා.

එක ප්‍රශ්නයක් තියෙනවා, පහුගිය කාලය ජනතාවට කෙමෙන් කෙමෙන් අමතක වෙන්න පටන් අරගෙන තියෙනවා. පහුගිය කාලය ජනතාවට අමතක වෙන එක හොඳයි. නමුත් මෙතෙක් කල් අපි ආපු දුරගන අපි අගයකරන්නත් ඕන. ඒ කියන්නේ අපිට යන්න තව දුරක් නැතුව නෙවෙයි. තව විශාල දුරක් යන්න තියෙනවා. ඒක කරන්න අපේ රජයට කැපවීම තියෙනවා. ඒ කැපවීම අපේ රටේ අගමැතිතුමා පෙන්නුම් කරල තියෙනවා. එතුමා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ඉදිරියට ගිහිල්ල විශේෂ ප්‍රකාශයක් ලබල දීල තියෙනවා. මේ රටේ අගමැතිවරයෙක් මීට කලින් කරපු නැති ක්‍රියාවක් ඒක. මීට කලින් දේශපාලන අධිකාරිය කරලා තියෙන්නේ විමර්ශන වලට බාධා කරන එක. එත් මෙතුමා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා අපේ රටේ දේශපාලනයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත්පිටුවක් හරවලා තියෙනවා.

එහෙනම් අපේ කැපවීම තියෙනවා කියල ක්‍රියාවෙන් පෙන්වලා තියෙනවා. අපිට තව වැඩ කොටසක් කරන්න තියෙනවා.ඒවා කරන්න අපේ කැපවීම තියෙනවා කියල මම ප්‍රකාශ කරනවා.ජනතාවක් අවශයෙන්, රටක් වශයෙන් අද මේ සමරන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වැදගත් බවත් දුෂණය වැලක්වීමට ඔබේ රජය කැපවී සිටින බවද මම ප්‍රකාශ කරනවා."

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment