ඩිලාන්ට - ඉසුරට එරෙහිව ජනපතිට පැමිණිලි.
මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා සහ බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහත්වරුන්ට විරුද්ධව වහාම විනය පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මැති ඇමැතිවරුන් රැසක්‌ම ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කර ඇත.
ඔවුන් පක්‌ෂයේ මතය ලෙස දක්‌වමින් තමන්ගේ පෞද්ගලික මතවාද හා අදහස් මාධ්‍යයට ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයට සහ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට විශාල හානියක් සිදු වී ඇතැයි මැති ඇමැතිවරුන් රැසක්‌ම ජනාධිපතිවරයාට පෙන්වා දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රබල ඇමැතිවරයෙක් පැවසීය.
ඇමැති ඩිලාන් පෙරේරා මහතා මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීමට සහභාගි වී නැති අතර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ඒ පිළිබඳව පෞද්ගලිකවම සොයා බලා සුදුසු පරිදි ඔවුන්ට අවවාද කිරීමට කටයුතු කරන බවයි.
0 comments :
Post a Comment