පොදුවේ ආණ්ඩුවේ ගමන පිළිබඳ කළකිරීමක් ඇති බවයි පවසන ලන්සා මහතා පෙන්වා දෙන්නේ ඇතැම් දිස්ත්‍රික්ක හා අසනවල කටයුතු කිරීමේදී දිගින් දිගටම ප්‍රශ්න මතු බවයි. මේ තත්ත්වය මත ආණ්ඩුව පිළිබඳ යහපත් ස්ථාවරයක් නොමැති බව හෙතෙම කියා සිටියි. දේශපාලකයන් පමණක් නොව රටේ ජනතාවද ආණ්ඩුව සම්බන්ධයෙන් කළකිරී සිටින බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත් ඉදිරියේදී මාධ්‍ය හමුවක් පවත්වා මෙම ඉවත්වීමට අදාළව කරුණු අනාවරණ කරන බවද ලන්සා මහතා ප්‍රකාශ කරයි. නිමල් ලන්සා මහතා පසුගිය මහමැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අතර නිමල් ලන්සා මහතාට මාධ්‍යවේදීන්ට පහර දීම් ඇතුළු දුෂණ චෝදනා එල්ල වී තිබුණි. ලන්සා මහතා පසුව ආණ්ඩුව සමඟ එක්වූ අතර ඔහුට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය ලබාදුණි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment