උමතු පාලකයන්ගේ අමුතු වැඩ

උමතු පාලකයන්ගේ අමුතු වැඩ

 

ක්‍රි. ව. 12-41 සමයේ විසූ පාලක කලිගියුලා සිය හමුදාවට සිප්පි කටු එක්රැස් කරන්නැයි අණ කළේ ය. ඉන්සිටේටස් නමැති සිය අශ්වයාට සෙනෙට් සභික තනතුරක් ද දුන්නේ ය. ඉතිහාසයේ බිහිවු කෘෘරතම පාලකයෙක් වශයෙන් ඔහු සැලකේ.

අල්. හකීම් බි-අමර් අල්ලාහ් නොහොත් ‘දේව නියෝගයේ පාලකයා’ යනුවෙන් හැඳින්වූයේ ක්‍රි. ව. නව වැනි සියවසේ ඊජිප්තුව හෙවත් මිසරයේ පාලකයා ය. ඔහු අති දැවැන්ත කඩ සාප්පු කයිරෝ නුවර පුරා ඉදිකර තිබිණි. ඔහු දැනුවත් ව යම්කිසි වෙළෙන්දෙක් විසින් පාරිභෝගිකයකු ව රවටයි නම්, එම වෙළෙන්දා ප්‍රසිද්ධියේ ලිංගික අපහරණයට ලක් කළ යුතු බව ඔහුගෙ නියෝගය විය.

1910-2002 සමය දක්වා මියන්මාරය පාලනය කළ නී වින් සිය යෞවන භාවය පවත්වා ගැනීම සඳහා ඩොල්ෆින් රුධිරය ස්නානය කළ බවට වාර්තා ඇත.

1368-1422 සමයේ එංගලන්තය පාලනය කළ සයවැනි චාල්ස් රජු තමන් වෘකයකු යැයි විශ්වාස කළේ ය. ඒ නිසා ගව සහ බැටලු පට්ටි ආම්බාන් කිරීමට පි‍්‍රය කළේ ය. ජීවිතයේ අවසාන කාලයේ දී, තම සිරුර වීදුරුවලින් තැනී ඇති නිසා තමන් පිපිරී යා හැකි යැයි ද ඔහු බියකින් පසුවිය.

උතුරු කොරියාවේ හිටපු පාලක කිම් ජොන් ඉල්, සිය රට පුරා පැතිර තිබූ සාගින්න ට පිළියම් වශයෙන් යෝධ හාවුන් මුහුම් කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කළේ ය.

ඇනා ඉවානොව්නා 1730-1740 සමයේ රුසියාවේ අධිරාජිනිය වශයෙන් කටයුතු කළා ය. ඇය වරක් සිය සේවිකාවකට කුදු අයෙක් සමඟ විවාහ වෙන්නට අණ කර ඔවුන් දෙදෙනා නගරය පුරා ප්‍රදර්ශනය කරවූවා ය. ශීත සෘතුවේ දී අයිස් මත නිරුවතින් නිදාගන්නට ද අණ කළා ය.

‘පපා ඩොක්’ යන අන්වර්ථයෙන් හඳුන්වන්නේ 1957-1971 සමයේ හයිටිය පාලනය කළ ප්‍රංශුවා ඩුවලියර් ය. වූඩු දහම තදින් අදහන්නකු වූ ඔහු රටේ සියලු කළු සුනඛයන් මරා දැමීමට අණ කළේ ය. විශ්වාස කෙරුණේ ඔහුගේ සතුරන්ගෙන් අයෙක් කළු බල්ලකුගේ වේශයෙන් ඔහු වෙත පැමිණීමට ඉඩ තිබූ බවයි.

1944-1985 සමයේ ඇල්බේනියාව පාලනය කළ කොමියුනිස්ට් නායකයකු වූ එන්වර් හෝක්සා, යටිරැවුල් වවන්නන් ව රටෙන් පිටුවහල් කළේ ය. ලක්ෂ 30 ක් වූ ජනතාවගේ ආරක්ෂාව සඳහා බංකර ලක්ෂ හතහමාරක් රට පුරා ඉදිකළේ ය.

තුර්කි දේශපාලනඥ සැපමුරාත් නියසොව් රටේ පාලකයා බවට පත්වූ පසු ව වසරේ දින සහ මාස තමන් නමින් නම් කළේ ය. හිම මාලිගයක් සහ කාන්තාරයක් ඉදිකිරීම සඳහා මහජන මුදල් නොමසුරුව වැය කළේ ය.

රොමේනියාවේ අවසන් කොමියුනිස්ට් පාලකයා වන නිකොලේ සියොසෙකු නිවාස තිස් දහසක් සමතලා කර දැවැන්ත මාලිගයක් ඉදිකර ගත්තේ ය. කාමර 1,100 කින් යුත් වත්මන් රොමේනියානු පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ එම මාලිගයේ ය. එය ද මාලිගයේ මුළු ඉඩෙන් 30%ක් පමණි.

- අවුට් බවුන්ඩ් ටුඩේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment