ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අදයි.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අදයි.

 

සංවර්ධනය, සාමය සහ ආරක්ෂාව උදෙසා දූෂණය පිටුදැකීමට එකතු වෙමු යන්න මෙවර දූෂණ විරෝධී දිනයේ තේමාවයි.

වසරක් පාසා ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ ලොව පුරා අල්ලස් ලෙස හුවමාරු වන බවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.60ක් පමණ ඇතැමුන් විසින් දූෂිත ලෙස සොරකම් කෙරෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්වා දෙයි.

එසේම සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන ආධාර මෙන් දස ගුණයක් එහි ධනය දූෂණය නිසා අහිමි වන බව ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment