පොලිස්පති සියලු පොලිස් මාරුවීම් නවතයි

පොලිස්පති සියලු පොලිස් මාරුවීම් නවතයි

 

එළඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙසේ සියලු ස්ථානමාරුවීම් තාවකාලික නවතා දමා ඇති බව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

මෙම නිවේදනය පොලිස්පතිවරයා විසින් ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් වෙත යොමු කර තිබේ.

ඒ අනුව ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික ස්ථාන මාරුවීම් ඇතුළු සියලු ස්ථාන මාරුවීම් 2018 පෙබරවාරි 15 වන දිනයෙන් පසුව ක්‍රියාත්මක කෙරෙන බව පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයෙහි දැක්වේ.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment