ආසන පරදින UNP ඇමතිවරුන්ට, ඇමතිකම නැතිවෙයි.


එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට තම බලප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතන ජයගැනීමට නොහැකි වුවහොත් ඇමතිකම් අත්හැරීමට සූදානම්ව සිටින්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දන්වා තිබෙනවා. මෙම මැතිවරණය ආණ්ඩුව පිළිබඳ ජනමතය විමසන තීරණාත්මක මැතිවරණයක් වන බැවින් අනිවාර්යයෙන්ම සියලු පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට ලබා ගතයුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි දක්ෂ තරුණ මන්ත්‍රීවරුන් රැසක් සිටින බැවින් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකරන ඇමතිවරුන් ඉවත් කර ඒ වෙනුවට තරුණ මන්ත්‍රීවරුන් පත්කිරීමට තීරණය කර තිබේ. එහිදී පරාජයට පත්වන්නේ නම් ඔවුන්ගේ තරාතිරම පිළිබඳ නොසලකා, ජ්‍යෙෂ්ටත්වය නොසලකා ඇමතිධූරයෙන් ඉවත් කරන බව අගමැතිවරයා අවධාරණය කර ඇත.

මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂය හා යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ලිට්මස් පරික්ෂාවක් වන බැවින්, සියලු දෙනා ජයග්‍රහණය සඳහා සියලු ශක්තිය යෙදවිය යුතු බවට එජාප නායකත්වය සියලු ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට අදාල ඇමතිධූර අතර වෙනස්කම් සිදුකිරීම සඳහා කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත අතර එහිදී නැවතත් ජ්‍යෙෂ්ට අමාත්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර මැතිවරණයේදී පරාජය ලබන ඇමතිවරුන් බොහෝවිට ජ්‍යෙෂ්ට අමාත්‍ය තනතුරු සඳහා පත් කරනු ඇත. ඒ අනුව මේ වනවිට ඇමතිධූර අහිමි එජාප මන්ත්‍රීවරුන්ට කැබිනට් මණ්ඩලයට ඇතුළුවීම සඳහා අවස්ථාව හිමි වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment