විදුහල්පතිවරිය මුල් අවස්ථාවේදී අදාළ සිදුවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙය යම් දේශපාලනික සිදුවීමක් සේ පෙනී ගියද, මේ වනවිට ඉදිරිපත් වී ඇති කරුණු මත වහා මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමේ අවශ්‍යතාව මතු වී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම සිදුවීමේ දී සත්‍ය තත්ත්වය වසන් කිරීම සඳහා මැදිහත්වී ඇති බවට පැවසෙන ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ සෙසු පළාත් අධ්‍යාපන ප්‍රධානීන් අදාළ සිදුවීමේ දී කටයුතු කළ ආකාරය පිළිබඳව ද සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
ප්‍රදීපා වීරසේකර
0 comments :
Post a Comment