ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය, අයවැය අර්බුදය හේතුවෙන් අක්‍රිය වීමට සමගාමී ව වසා දැමුණු මෙය, එම අර්බුදය මේ වන විට තාවකාලිකව යථා තත්වයට පත්වීමත් සමග මෙසේ නැවත විවෘත කර ඇත.
මේ පිළිබඳ ලංකා නිව්ස් වෙබ් කළ විමසීමකදී ඇමරිකානු මධ්‍යස්ථානයේ මාධ්‍ය අංශය සඳහන් කළේ, තාක්ෂණික අර්ථයෙන් ගත්විට ඇමරිකානු මධ්‍යස්ථානය වසා තිබුණේ අද (23) උදය වරුව පමණක් බවයි. එයට හේතුව සඳුදා දිනය එහි කාර්ය මණ්ඩලයට සාමාන්‍ය නිවාඩු දිනයක් වන හෙයිනි. කෙසේ නමුත් මේ වන විට ඇමරිකානු මධ්‍යස්ථානය විසින් සුපුරුදු පරිදි සිය කටයුතු පවත්වාගෙන යනු ලබයි.
කොළඹ, ගාලු පාරේ පිහිටා තිබෙන ඇමරිකානු මධ්‍යස්ථානය, ඇමරිකානු තානාපති කාර්යාල වීසා කටයුතු සහ පාස්පෝට් කටයුතු සිදුකරන අතර,USAID අන්තර්ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වශයෙන් ද භාවිතා වෙයි. එමගින් ලංකාව තුළ ව්‍යාපෘති වැඩසටහන් ගණනාවක් සිදුකරනු ලබයි.
- අමාලි ජයවීර
පෙර පුවත-
කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා දැමේ.
0 comments :
Post a Comment