පස් කපා පරිසරය වැනසීමට වැනසීමට කිසිසේත් ඉඩ දෙන්නෑ

පස් කපා පරිසරය වැනසීමට වැනසීමට කිසිසේත් ඉඩ දෙන්නෑ

එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌ වූ කමල් රණසිංහ මහතා,

" පස් කපා ඉවත් කිරීමෙන් සිදුවූ පරිසරය විනාශ වීමේ ප්‍රති විපාක පසුගිය කාලයේ අපබරපතළ ලෙස අත්වින්දා .ඒ නිසා මින් ඉදිරියට රජයේ ව්‍යාපෘති සඳහා වුවත් මහා මහාපරිමාණයෙන් පස් කැපීමකට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. යම් ව්‍යාපෘතියකට පස් ලබා ගැනීමට අවශ්‍ය නම් කොන්ත්‍රාත්කරු විසින් ඒ සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ සහිත අයදුම් පතක් ඉදිරිපත් කළ යුතු වෙනවා. රජයේ ව්‍යාපෘති සඳහා ද මේ නීතිය ඒ ආකාරයෙන්ම බලපාන බව සඳහන් කළ යුතුමයි. එසේ නොමැතිව කිසිවෙකුට පස් කැපීම සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. මෙම ප්‍රශ්නය ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානයට ලක් වූ කාරණයක්. එබැවින් මෙම කාරණය පිළිබඳව රාජ්‍ය නිළධාරීන් දැඩි වගකීමකින් ක්‍රිය කළ යුතු බව අවධාරණය කරනවා."

කීර්ති ලොකුලියන - ගාල්ල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment