කාන්තාවන්ට මත්පැන් මිල දී ගැනීමට අවශ්‍යයි ස්වර්ණාගෙනුත් වෙනම නඩුවක්


කාන්තාවන්ට මත්පැන් මිල දී ගැනීමට අවශ්‍යයි
ස්වර්ණාගෙනුත් වෙනම නඩුවක්

පසුගියදා මුදල් අමාත්‍යංශය මගින් කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපති මැදිහත්වී අහෝසි කිරීමෙන් පසු එයට එරෙහිව දෙවැනිවරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළා.
ප්‍රවීණ නිළි ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු 20 දෙනෙකු මෙම පෙත්සම යොමු කරමින් පෙන්වා දී තිබුනේ මෙම ඉල්ලීම කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය සඳහා අවශ්‍ය යයි ලඝු කොට නොසලකන ලෙසත්
මිලට ගැනීමට පිරිමින්ට

හා සමාන අයිතියක් කාන්තාවට නැතැයි දැක්වීමෙන් කාන්තාවන් සැහැල්ලු කිරීම මානව අයිතිය කඩකිරීමක් බවත්ය.

මින් ඉහත නව පරපුරේ නිළි සමනලී ෆොන්සේකා ඇතුළු 11 දෙනෙකු මේ ආකාරයේම වෙනත් පෙත්සමක් ගොනු කර තිබූ අතර මේ දෙකම ඉදිරියේදී විභාග කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
 මෙම පෙත්සමට අත්සන යෙදූ මානව හිමිකම් ක්‍රියාදාරිනී මේනකා ගල්ගමුව කියා සිටියේ 1979 ව්‍යවස්ථාව කාන්තාවන්ට වෙනස් ආකාරයේ සැලකීමක් මෙන්ම අපහාසයක් සිදු කර ඇති බවකි.

"මෙය මත්පැන් පානය කරන කාන්තාවන් ගැන නොවේ. 1979 නීතියේ කිසිම තැනක, කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය කළ නොහැකිය කියා නෑ. පුරුෂයින්ට මත්පැන් මිලදී ගත හැකි තාක් දුරට කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය කළ හැකියි‘
කාන්තා වාණිජ මණ්ඩලයේ ආරම්භක සභාපති වන ක්ලෝ ඩී සොයිසා, සමාජ ක්‍රියාකාරිනි සාවිත්‍රි රොද්‍රිගු ඇතුළු අය මෙම පෙත්සමට අත්සන් යොදා තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment