ඉන්දියාව අංක 1ට.


ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම ලෙස මාස හයක් තුළ තෙවැනි අවස්ථාවටත් පත්වීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ජයත් සමගිනි. තරග හයකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 4-1ක් ලෙස ඉන්දියාව ජයගත්තේය.

ඒ අනුව ඔවුන් දකුණු අප්‍රිකාව පරයමින් එක්දින  ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානයට පත්විය.  මෙම තරගාවලිය ඉන්දියාව ජයගැනීමත් සමග එංගලන්තයට එක්දින ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පත්වීමට අවස්ථාව තිබේ.

ඒ එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේදී ආරම්භවීමට නියමිත එක්දින තරාගාවලිය 5-0ක් ලෙස එංගලන්තය ජයගන්නේ නම්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment