![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifIzbmOY_J3162MDEg35Yzzyb9r8aUjfWZXiZOCL7b6ZngVA-Cg3-xs4enrZud44ei_Yt2WXVPyOMFWtcrSztuJXsLy282EYtPuQkMqszU0rUT6Xe6H9hcwiuhmwWKYnOGwrrXbpiW7qM/s1600/collage.png)
තලවාකැලේදී කාර් එකක් ඔයට පෙරළී
24 හැවිරිදි තරුණිය හා තරුණයා මරුට
දොරවල් ලොක් නිසා ඇතුළේ හිරවෙලා
තලවාකැලේ බෙයාවිල් ප්‍රදේශයේදි ආග්‍ර ඔය ආසන්නයෙන් අඩි 200 ක් පමණ උස මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් එක්වරම මාර්ගයෙන් ඉවතට පැන ඔයට පෙරළී යාම නිසා එහි ගමන් කළ තරුණ යුවළක් මියගොස් තිබේ.
හැටන් නුවරඑළිය ප්‍රධාන
මාර්ගයේ ලිදුල පොලිස් වසමට අයත් තලවාකැලේ බෙයාවිල් ප්‍රදේශයේදි මෙම අනතුර සිදුවිය.
අද ප.ව 3.00 ට පමණ නුවරඑළිය සිට හැටන් හරහා ගම්පහ දක්වා ගමන් කරන මාර්ගයේ පැමිණි රතු පැහැති මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ පහතින් පිහිටි ඉහල කොත්මලේ ජලාශයේ අතු ශාඛාවක් වන ආග්‍රඔයට පෙරළී යන අයුරු අවට සිටි අය දැක ඇත.
මහත් පරිශ්‍රමයකින් එම මළ සිරුරු ගොඩගැනිමට දැරූ උත්සාහයෙන් අනතුරුව දෙදෙනාගේ මළ සිරුරු සොයා ගත් බව ලිදුල පොලිසිය පවසයි.
අනතුරෙන් මියගිය කාන්තාව 24 හැවිරිදි පියුමිශාන් ප්‍රසාදි පෙරේරා නම් වන බව හැඳුනුම්පත අනුව හඳුනාගෙන තිබේ.අංක 65 නැදුන්ගමුව,ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරියක වන බවද හඳුනාගන්නට ලැබිණි..පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගන්නට තවම සාක්ෂි ලැබී නැත. මළ සිරුරු ලිඳුල රජයේ ප්‍රාදේශය රෝහලේ තැන්පත් කර තිබේ.
ජලාශයට පෙරලුන මෝටර් රථයේ පැති දොරවල් අගුලු ලා තිබුණ බවද පොලිසිය කියයි.අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර පොලිසිය පරික්ෂණ පවත්වයි.
හැටන් - චන්දන ජයවීර
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCP5xim-hRJeMmgypXEdxfLWyggJZLGLLZzFGo-Cvy5IWY2kQF8inqVPvDyuIvf1OLpVzbr46Z_KutvhqCrmD8VPN4KsLsHBStZX6nSq1ZiP4yhTbYwPZSkO2L_rFkYmiOaSq-LwM7eSc/s1600/accident01gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQurRvWsYj6ROssRdjc8WMCuGz5e0sI9lJdDR3-P_kdhaxey9EHylFXbQTxfZFQ5JBYum6J54R9h57BSSgQ-wPjOLE2_CP15UVrEln9HW_YX4zm9bY_YM-avrDHX54NCCfwq0Rbp81Rn0/s1600/accident02gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjte_QBVofuQtYOk3knHTLDrAq63FVeyGtpmVwmGdxcSJ7frp88C9C_APgTu4pSn8FRDnLt2Uk2yoAyzrg2wfgNFVnHipBah4DOKjgx0AgIzLnLsbvVbrdolhjWqKALNVT3fYutgnuppBc/s1600/accident05gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSp2NFVY9FdumUvvkntgjeNgkfI29B62_TNnYNiuwG3lR_RFde8oDEHb8iNnc8LaFhUTathYtQPW1X7VS1RzWz3uhJFHuYh9N3i1QB0BR0SNwd-8I3fFjTTiAydJ3THpK_ly6zYY-GhXw/s1600/accident06gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYP1CX_I9_HQR0KmlsFp1hAyXgKj7Y7uL1dMI_1ZDq3-jAjfaBwg66G2G1eIYtu-fHMVw7DcNnMnM1MdSWqRgngwzrGzUmFUL9CY5TTMiVi9iq7kw60jlbRVD6DoNcHrUxOENgKn_Jh9g/s1600/accident07gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR7jioF0SeNIzlKJQwpTihoyW04s8bTLUaZ_Y5YRyWPPwq82nnVV0m_VXiMpCvfFGARe4KJ5RPuJAySI6oKUvv8CeANl4CasTTIwTTCNn5kTZVf7wmGKCwV9ayAIQ16p0vOh8-t9nzv_g/s1600/accident08gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzV4N7S3cNrsE9GzSctUuhSU8IhudcLt7EcvcbhqFqB4aDOZJdCI1k4VFRCfpdcYipAr84DDcMjiGyxlhmMEntUoOTb75TA-yqgZ-BKeyMy9U8f3ErsNFndFyDbyqOpwjhqNctCLt-7n8/s1600/accident09gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBnp8r9NqMhTRmimguqy30n0FLRvG7HfI8_jfOtq4_RvKcBnRtTBZcfNhUmjaoj1DTUO4oAWI_uBUCWZTIeu3M1r_Y2FBevIma34LqYB_HBPHZGeyB48K13UurLJ_iMN4OOLumwew5YPk/s1600/accident10gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTolkePuMVqsk9MEv_GjX3aCr7iIOvJuRTdzxgRYrC8pFjdQRbOfSH7muLNGO0n349eAnadSDUDQ0g3nTM-F-zo15eNTD31fRdaD1cTtmYZbLK8Y6d8ofkzkebsRZNrLOilrG7RNq3iD8/s1600/accident11gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNsa5n4a6cxWsqNuwHSd8b8dcvNKQA_5ws7agyz6uuj1_IdrJMdlVZtx678FAQlPv33uyJB9ydjwlsTYabkARZpPlfLamBV2tDlXOEdN2EQgQFdtwimWKi1DVn04k6ZbM9xA5fA6EqtuY/s1600/accident12gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJTb76cWrivX9TPgnTG40xd7ZxJ32Mb1qOhQM2x1h74MiJAWDg99HyDF9hCLHOhy3_ODjulHlDJCT5TTGrDdpyyulNUJrt7Cnp-Cv_lMpeG_1q-ibEWC6rLLB-EufYbp2Ua4jatqagrSQ/s1600/accident13gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSKI6wnD_Ld7vAxi4x6Nr8k7aEEbUlUj7FqjXbsv3akuZ2JkZzXvQyq7Kq9Wh2hzcU2VRUvpoCfaYE2dkdW4B5_rR20YhQlhMhXOqvYPiShIie9ANV9S6eViU5FwhAhnK3RhO3Esav1Dg/s1600/accident17gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv1LNSSwR0kwZN13iBaNkSbjREfH6iEdsc59Snp767OULxoy57y0XmAXm-omM0Ubis0grVAroMtFBXDlJm1TVBqm1UGLlgRHgNVMXTzInLvN1N7WsGuFHUQeop99bstlsnWr8jb9AdZy4/s1600/accident18gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwSsMwSTiSP8ZOJyhZjQl8UB1zz_lpJTjOQH-j6H_j21u_Xwuojh8zPs1zJ-S0Ny9rK4hJYwFUl7_CaWi7DIopdgZPOWfUc5CotP2W2sDhAwfdbVZ8vMzCESq6jCdWLYd-EJfBX0nt4VQ/s1600/accident20gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQn9bwrQxaXTd6iSQL59WtDxKRgXPQKIF6ffXPAWqOp0zjqnMGwjeWn-X04onrIr6amcPn5_bG9bdhkAnd1IQ7Wy5ZPqc9ayIW8QILgf1JJTfjwqXcug-EoZOXMOxhKZ4qAV-pzvU5KCI/s1600/accident22gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ8BzV53_N7kaHAw9SPImhbXHPIEaZ8rg-YIoIMMSehLQZ4Q_Wu7a8bczMvqrM6wWzyXYZhL41b2bplYK8wAl1fc4Q09s6Ry6wMCfZKk-2adtN9VdRCCwaZ2niUJH74UTLUMtbjkQa_Q4/s1600/accident23gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4FNZVWn7wPhIAtFyPTVI7M_NCrOeGrAVZACCfsCrTgG60hWY_REQpOkV5EC0CQM_Yyei-52nMgJiAtKdR5-y0Qx8oaUdBZQB5WrLv9QhO12q-qwYz3J6aUPY248HwXmQDR0tsC4UHvKI/s1600/accident24gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZLvvBtqiTj1v3-ZHgzIvHXDFV3hX_WFcWtStY1IQfjY2NFArFFq3f_-xejgu80zEo2af6J4H1hyphenhyphen-xOtJ5lolcVcrNF30e6wIQQ2Szr_V5OEsLyJY42E0IZ91MDGjkHXwkPIx5mB2ZAx0/s1600/accident26gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZIGucrp9Ab7z_QbMnybehLXv5C3dcvTn_Y1m-kGcwIcocerJd11al19BbeQSyOWojhXtu1kMk7ogIatsaRCuDjiZ9r0_6KTFd31XQh0JQhM5mCSCDX8WQDsY_SSDxHniI0HiKs4Uouqw/s1600/accident27gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimyvL3_M4jTZEmnt0pFVAy39fE8zgxUVcDUIIgV_r_sv9qmmOGgFPRflLE7jMEheJqz5cJUymBA4IF2u55FEzHPOCVrH4T0Rh3YOzxmQLKyldxf_Z10gfeX9tfDKJXs29Tl3tqelxKyjU/s1600/accident501gossiplanka.jpg)
0 comments :
Post a Comment