රට අරාජික වෙයි ! චණ්ඩින් සහ මිනීමරුවන් රජවෙයි !!

රට අරාජික වෙයි ! චණ්ඩින් සහ මිනීමරුවන් රජවෙයි !!
පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂය ද තනිව නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බව පසුගිය දිනවල වාර්තා විය.
 
එහි අලුත්ම පුවත යහපාලන රජය නියෝජනය කළ ශ්‍රීලනිප පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවයි. අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවැති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබේ. ඊට අමතරව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හිටපු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.
 
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සඳහා ඇති නීතිමය පසුබිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සොයාබලමින් සිටින බවයි.
 
ජනවාරි 08 ජනමතයට පිටුපෑම
 
2015 ජනවාරි 08 වැනිදා මෙරට බහුතර ජනතාව සිය ඡන්ද ප්‍රකාශ කළේ එතෙක් පැවති සොරුන්ගේ, වංචාකරුවන්ගේ දූෂිත පාලනය වෙනස් කිරීම සඳහායි. ඒ වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් ජීවිත අවදානම ද නොසලකා කටයුතු කළ අතර ජනාධිපතිවරයා ද ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ මරණ වරෙන්තුව අතේ තබාගෙන ආණ්ඩුවෙන් එළියට පැමිණි බවයි.
 
කෙසේ වෙතත් අද පෙරවරුවේ පටන් සමාජගත වන පුවත් හරහා ප්‍රකාශ වන්නේ ජනවාරි 08 ජනවරමට පිටුපා, එදා බහුතර ජනතාව ගෙදර යැවූ හොරුන්, දූෂිතයන්, මිනීමරුවන් නැවතත් රජ පුටුව වෙත ඔසවා තැබීමට උත්සාහ කරමින් සිටින බවකි.
 
2018 පුංචි ඡන්දයේ ජනවරම
 
2018 පළාත් පාලන මැතිවරණය යනු ගමේ පුංචි ආණ්ඩු පිහිටුවීම සඳහා බලය ලබාදීමයි. එය කිසිසේත් රටේ බලය වෙනස් කිරීම සඳහා වූ ජනවරමක් නොවේ. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් මධ්‍යම ආණ්ඩුව වෙනස් කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපෑමකි. එසේම එය 2015 දී ජනතාව ලබාදුන් ජනවරමට පිටුපෑමකි.
 
පළාත් පාලන මැතිවරණයෙන් පසු විවිධ ස්ථානවලදී පොදුජන පෙරමුණේ හිතවාදීන් විසින් විරුද්ධ පාක්ෂිකයන්ට අඩන්තේට්ටම් කිරීම්, පහරදීම් සිදුකළ බවට වාර්තා වූ අතර මුස්ලිම් කවුන්සිලය විසින් ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ සභාපතිවරයාට ලිඛිතවම දන්වා තිබිණි. ආණ්ඩු බලයක් නොමැතිව පවා මහින්ද හිතවාදීන් කටයුතු කරන්නේ මෙවැනි ආකාරයෙන් නම් 2015 පරාජයෙන් ඔවුන් පාඩම් ඉගෙන නැති බැව් තහවුරු වේ.
 
ඒ අනුව මේ සැරසෙන්නේ කුමකටද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. 2015 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ පරාජයන් පසු වියරු වැටී සිටි මහින්ද හිතවාදීන් නැවතත් ආණ්ඩු බලයට කැස කවන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොවේ. එදා මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිවාදියා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියද කෙසේ හෝ ලබාගෙන නැවතත් ඔවුන් බලයට පැමිණෙන්නේ පැවති දුර්දාන්ත පාලනය නැවතත් ස්ථාපිත කිරීමේ අරමුණෙනි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment