මහින්ද සමග ආණ්ඩු එපා කීව ශ්‍රීලනිප මන්ත්‍රීවරු?


ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට අත්සන් කරමින් ඇති දිවුරුම් ප්‍රකාශ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම අත්සන් තබා නොතිබීම නිසා එම වැඩපිළිවෙල අතරමග ඇනහිට තිබේ.

ජනාධිපතිවරයා සිය තීරණය වෙනස්කර ගැනීමට එය ප්‍රධාන හේතුවක් වූ බව එජාප මන්ත්‍රීවරයකු පැවසිය.

සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි ඇතුළු ඇමතිවරුන් පිරිසක් මෙම ලිපියට මේ වන තෙක් අත්සන් තබා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ පුවත් වෙබ් අඩවියේ සඳහන් වේ.

ජනපතිතුමත් දැන් පීඩනයකට හසුකරලා ඉන්න බව අපිට පේනවා. කොහොම වුණත් යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න එතුමා සහාය දක්වනවා.” - එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

පළාත් පාලන මැතිවරණයෙන් ජනාධිපතිවරයාගේ පක්ෂයට සාපේක්ෂව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කල 'පොහොට්ටු' පක්ෂය ලබා ගත් දැවැන්ත ජයග්‍රහණය හමුවේ කම්පනයට පත්ව සිටින තමන්ගේ අනුගාමිකයින් යලි මහින්ද රාජපක්ෂ මහතාට එක්වීමට කටයුතු කිරීම තුල ජනාධිපතිවරයා දැඩි පීඩනයකට ලක්ව සිටියි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා, 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් පීඩනයකට ලක්ව ඇති බවත් පක්ෂයක් ලෙස ගත්විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින බවත් පැවැසීය.

අරලියගහ මන්දිරයේදී ඊයේ (17දා) එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවැති හමුවකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

“අපේ අගමැතිතුමා ඉවත් කරන්න දෙන්න බෑ. පක්ෂයක් ලෙස අපි අගමැතිතුමා සමග ඉන්නවා. අපි ජනපතිතුමාත් විශ්වාස කරනවා. මොකද ඔය කවුරු අයිතිවාසිකම් කීවත් අපි පත්කරපු ජනපතිතුමානේ. ජනපතිතුමත් දැන් පීඩනයකට හසුකරලා ඉන්න බව අපිට පේනවා. කොහොම වුණත් යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න එතුමා සහාය දක්වනවා.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment