අර්බුදය ගැන පාර්ලිමේන්තු විවාදයක් දිනේෂ් ඉල්ලයි -කිරිඇල්ල විරුද්ධයි



අද 19 උදැසන 10ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භවී ටික වේලාවකින් දේශපාලන අස්ථාවර භාවය නිසා රටේ උද්ගතව තිබෙන ජාතික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන්  ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ අද වැඩකටයුතු වෙනස් කර එය සිදු කරන ලෙසයි.

මෙයට පිළිතුරු ලෙස

කතානායකවරයා මුලින් එය පක්ෂ නායකවරුන් සමග සාකච්ඡාවකින් පසු සවස 3 පසුවී ලබාදෙන්නට කැමතිවූ අතර ස්ථාවර නියෝග රීති ප්‍රශ්නයක් ගෙන එමින් සභානායක ඇමති කිරිඇල්ල දන්වා සිටියේ කල් ඇතිව ලිඛිතව ඉල්ලීම් නොකර එය සිදු කරන්නට බැරි බවයි.
නමුත් මේ අවස්ථාවේ විපක්ෂයෙන් විශාල හඩක් නැගුණ නිසා නැවත කතානායකවරයා දන්වා සිටියේ අද උදේ ලිඛිත ඉල්ලීමක් දැනුම්දී තිබෙන බවත් අවශ්‍යම නම් පක්ෂ නායක රැස්වීමක් දැන් පවත්වා එම විවාදය ඇරඹිය හැකි බවයි.
ඒ අනුව මිනිත්තු 15 කට පාර්ලිමේන්තුව අත්හිටුවා පක්ෂනායක රැස්වීමක් කතානායකවරයා කැඳවා සිටියේය.
 එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment