'රාජපක්ෂවරු එක්ක ආණ්ඩු කරන්න ජනපති සුදානම් නෑ' - ශිරාල් පල්ලම් බහී.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිවිටකත් රාජපක්ෂවරුන් සමඟ ආණ්ඩුවක් පිහිටුවීමේ සුදානමක් නැති බව ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

Anduwa.lk නම් වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර මතයට ජනාධිපතිවරයා එකඟ විය යුතුවනු ඇති බවයි. එසේම මෙවර පැවති මැතිවරණයෙන් ජනතාව විසින් යම් සංඥාවක් ලබා දී ඇති බවත් ඒ පිළිබඳව මේ අවස්ථාවේදි යම් විදිහකින් ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.

මේ වන විට ප්‍රධාන කරුණු තුනක් සම්බන්දයෙන් ප්‍රධාන පක්ෂ දෙක සාකච්ඡා කරන බවත් එම ප්‍රධාන පක්ෂ දෙක වන්නේ, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සමඟ කටයුතු කල යුතු බවත්, අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ යුතු බවත් හා එකසත් ජාතික පක්ෂයේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කළ යුතු යන්නයි.

අද දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් ජනාධිපතිවරයා හා පැවැත්වෙන අතර එහිදි මෙම කරුණු තුන සම්බන්ධයෙන් සාකච්ඡා වන බව ද ලක්තිලක මහතා කියා සිටියේය. එහිදී බොහෝ විට මෙම මත ගැටුම අවසන් වන බවත් ලබන බදදා දිනය වන විට මේ සියළු මතවාද අවසන් වන බව හෙතෙම කියා සිටියේය.

මෙවර මැතිවරණයෙන් ජනතාව ලබා දී ඇති සංඥාව නිවැරදිව තේරුම් ගත යුතු බවත් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට පමා නොවිය යුතු බව ද ඔහු අනාවරණ කළේය. 

මේ වන විට යෝජනා වී ඇති කරුණු තුන සම්බන්දයෙන් ජනාධිපතිවරයා නිවැරදි තීරණයක් ගැනීමට කටයුතු කරන බවත් වඩා ශක්තිමත් පිරිසක් සමඟ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ඇති බවයි ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා වැඩිදුරටත් අප වෙත කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment