දේශපාලන අස්ථාවරත්වය නිසා අමාත්‍යාංශ රැසක වැඩකටයුතු ඇණ හිටී - රුපියලත් වැටිලා

පළාත් පාලන මැතිවරණය සහ එහි ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ඇති වූදේශපාලන අස්ථාවර තත්ත්වය හේතුවෙන් දින ගණනාවක සිට අමාත්‍යාංශ රැසක කටයුතු නිසිපරිදි සිදු නොවන බව වාර්තාවේ.

එසේම මූල්‍ය

හා කොටස් වෙළඳපලේ බිඳ වැටීමක් සිදුව තිබෙයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඊයේ දිනය නිමා වනවිට අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 156.74ක් ලෙසයි. එය ශ්‍රීලංකා රුපියලට සාපේක්ෂව මේ දක්වා වාර්තා වී ඇති අමෙරිකානු ඩොලරයේ ඉහළම අගය බව වාර්තා විය.
පළාත් පාලන මැතිවරණය සඳහා සියලු දේශපාලන පක්‍ෂ ජනවාරි මස 14 වැනිදා සිට සිය මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේ යෙදී සිටි අතර, මැතිවරණයෙන් පසුවද, මෙතෙක් අමාත්‍යාංශවල කටයුතු නිසිපරිදි ආරම්භකර නොමැත.
මැතිවරණයෙන් පසුව ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව  අමාත්‍යාංශ තුළ නිලධාරීන්ද ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇතැයි වාර්තාවේ.
කෙසේවෙතත් අද හෙට කියැවෙන දේශපාලන තීන්දු අනුව ඉදිරි සතිය වනවිට මෙම ගැටලු නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget