සිරිපාලගෙ අගමැති සිහිනය බකල් කළේ මහින්ද : හිස බූ ගෑම අපතේ යයි ?


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව රටේ අගමැතිවරයා පත් කරන්නේ නම් ඊට සුදුසුම පුද්ගලයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ මතය වූ බව ඉරිදා රිවිර අනාවරණය කර තිබේ.

ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිවරයා බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරණ උත්සාහයට පොදුජන පෙරමුණේ බහුතරයකගේ විරෝධය එල්ල වී තිබූ බව ද එහි දැක්වේ.

පොහොට්ටුවට මැතිවරණ පැටලිලා

පොහොට්ටුවේ බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ මෙවර පළාත් පාලන මැතිවරණය ගමේ ආණ්ඩු පිහිටුවන මැතිවරණයකට වඩා ජාතික මැතිවරණයක මුහුණුවරක් ඉසුලූ බවයි.

පොහොට්ටුවේ අනුගාමිකයන් එසේ සිතන්නේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වැඩිවීම නිසා බවද රිවිර කියයි.

මහ මැතිවරණයක්

කෙසේවුවද, පොහොට්ටුවේ වැඩි උත්සාහය ජාතික මැතිවරණයක් කඩිනමින් ලබා ගැනීම බවද එහි දැක්වේ.

වැඩි ඡන්දයට හේතුව !

මෙවර ඡන්ද ප්‍රතිශතය වැඩිවීම සම්බන්ධයෙන් අප ජාතික මැතිවරණ කොමිසමෙන් කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ පසුගිය මැතිවරණ අවසන් වූ දිනයේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කළ පුළුල් ප්‍රචාරය මෙවර ඡන්ද ප්‍රතිශතය ඉහලයාමට හේතුවූ බවයි.

එසේම, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව උනන්දු කිරීමට වෙබ් අතුළු සමාජ ජාලවලින් විශාල සහයක් ලැබුණු බවද ඔහු කියා සිටියේය.

නිමල්ටත් වැරදි නැකතක් - හිස බූ ගෑම අපතේ යයි ?

අගමැති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කරන ලද නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට මාස කිහිපයකට පෙර හිස බූ ගා ඇත්තේ ඉහල තනතුරක් ලැබෙන බවට ජෝතිර්වේදියකු දුන් උපදෙසකට අනුව බව වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා ලබාදුන් උදේශයකට අනුව ඔහු ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පවත්වා එය පරාජයට පත් විය.

කෙසේවුවද, මහින්ද මහතාගේ පරාජයෙන් පසුව රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහන හා එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නායකයා වන බවට තමන් 2006 වසරේදී දැනගෙන සිටි බව හෙළිකර තිබිණි.

ඔහු මෙසේද පවසා තිබිණි.


“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය බැලුවේ 2006 අවුරුද්දේ.. එතුමා මගේ ගෙදරට ඇවිල්ලා හැමදාම කේන්දර බලන්න එන කෙනෙක් නෙමෙයි. එතුමා මගේ හොඳ ගෞරවනීය මිත්‍රයෙක්…. මම ප්‍රසිද්ධියේ එතුමා ගාවට ගිය කෙනෙක් 2006 අවුරුද්දේ…මෙතන ජනාධිපතිතුමාගේ කේන්දරයට වඩා මෛත්‍රීපාල මහත්තයගේ කේන්දරය බලගතුයි.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment