මෙය තිලංග සුමතිපාල විසින් ‘මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද’ දැන්වීමකි

මෙය තිලංග සුමතිපාල විසින් ‘මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද’ දැන්වීමකි

මෙහි සත්‍ය අසත්‍යතාවය දැන ගැනීම සඳහා තිලංග සුමතිපාල මහතා සම්බන්ධ කර ගැනීමට දැරූ සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ කරමින්, එවැනි ප්‍රවෘත්තියකින් ජනතාවට ලබාදුන් තාවකාලික වින්දනය සිහිපත් කරමින් ඒ මහතා මේ වන විට සැප නින්දේ පසුවනවා විය යුතුය.

එම ප්‍රවෘත්තියේ තවදුරටත් සඳහන් වන්නේ නව අගමැතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද ඔහු පැවසූ බව ය.

මෙවැනි ඇන්දවීම් මගින් හෝ ජනාධිපතිවරයාගෙන් ලකුණු දමා ගැනීමට තරම් නියෝජ්‍ය කථානායකවරයා පෙළඹීම ශෝක ජනක මෙන්ම හාස්‍ය ජනක ද වේ. තිලංග සුමතිපාල මහතා 2015 මහ මැතිවරණයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ චරිතයකි. ජනතා පරමාධිපත්‍යයෙන් 2015 වසරේදී ප්‍රතික්ෂේප වූ ඔහුට මෙසේ ජනතා පරමාධිපත්‍යය සමග සෙල්ලම් කිරීමට අයිතියක් නැත.

ඔහු සමග ‘ස්වාධීන වීමේ විජ්ජාව‘ට එක් වී සිටින දයාසිරි ජයසේකර වැනි දෙපැත්තට පනින අමාත්‍යවරුන් ගැන ජනතාව හොඳින් දන්නා බව ඔවුන්ට අමතක ය. විශේෂයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සමයේ ඔවුන් කළ කී දෑ ගැන, විශේෂයෙන්ම දයාසිරි, මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කරගෙන කී ‘හිටං හුටං’ ප්‍රමුඛ අවඥාසහතග කතා අද ඔවුන්ට මතක නැතත්, ඒවා ජනතාවට හොඳ මතකයක් තිබේ.

මෙවැනි නිව්ස් ‘ප්ලාන්ට්‘ කරන තිලංගලා ගැන ඉදිරියේදී කතා කිරීමට බොහෝ දේ ඇති බවට සැක නැත. නියෝජ්‍ය කථානායකවරයා වශයෙන් ඔහු පළ කරන මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී හැසිරීම් නිසා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට නියමිත බවට ද වාර්තා තිබේ. තෝරාගත් මාධ්‍ය කිහිපයක් අල්ලාගෙන ගහන මෙවැනි ගේම්, පැය 24 ක් යන්නට මත්තෙන් බොරු බව පසක් වීම එම ගේම්වල ස්වභාවයයි. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය තිබේද යන සාකච්ඡාව පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ අද (19) දහවල් 12 ට ය. ජනතාව ඇන්දවිය නොහැකි බව තිලංගලා දැන්වත් වටහාගත යුතුය.

ඉතා කෙටියෙන් කියන්නේ නම් තිලංග සුමතිපාල අද එවැනි ප්‍රකාශයක් කර නැත. එනිසා මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම් වශයෙන් සැලකීම වඩා උචිත ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment